gossip lanka

'ඉතින් කෝල් කළේ කොල්ලෙක්නේ!!','බලන්න එන්නකෝ පැටියෝ!': කොල්ලෙක් වගේ කටහඬ මාරු කරපු කෙල්ලෙක්, අවුරුද්දක් තිස්සෙ මාතර සිසුවියක්ව අන්දපු හැටි

'අසැබි වීඩියෝ පට' නොහොත් 'නිල් පැහැ වීඩියෝ' (එසේ නැතහොත් ලීක් වීඩියෝ) මේ වන විට 'අන්තර්ජාලයේ' අසැබි වෙබ් පිටු අතරේ වැඩිම පිරිසක් 'සෙවුම්' (සර්ච්) කරමින් ඉන්න 'ඛාණ්ඩය' (කැටගරි) යැයි කිවහොත් නිවැරදි යි.

පසුගිය සමයේ මෙවැනි 'අසැබි වීඩියෝ පට' අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වූ අතර, එවැනි 'පැමිණිලි' ගණනාවක් පොලිසියට ලැබී තිබෙනවා. (ඒ නමුත් අනෙක් අතට බොහෝ පාර්ශව තමන් වෙත සිදු වූ අකටයුතුකම් සම්බන්ධයේ මුනිවත රකිනවා.)

පසුගිය දිනෙක මෙවැනි 'අසැබි ඡායාරූප' කිහිපයක් අන්තර්ජාලයට මුදා හැරි 'තරුණියක්' සම්බන්ධයෙන් වන පුවතක් වාර්තා වූ අතර, 19 හැවිරිදි එම තරුණිය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුද්දක් තිස්සෙ දිව ගිය ප්‍රේම කතාවක්...
පුදුමයට කරුණ නම් මෙම ප්‍රේම සම්බන්ධතාවය 'අවුරුද්දකට' වඩා වැඩි කාලයක් මොවුන් දෙදෙනා පවත්වා ඇති අතර, තමා හා 'ප්‍රේම කළ' තරුණයා, තරුණයෙක් නොව 'තරුණියක්' බැව් මෙම සිසුවිය හඳුනා ගෙන ඇත්තේ ද එම තරුණිය අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව යි.

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි 'තරුණියක්' මෙසේ මාතර පදිංචි 15 හැවිරිදි 'සිසුවියක්' හා සම්බන්ධතාවයක් ගොඩ නඟාගෙන තිබුණා.

'ඉතින් කෝල් කළේ කොල්ලෙක්නේ... මෙතැන ඉන්නෙ කෙල්ලෙක්...'
'මට කෝල් කළේ කොල්ලෙක්...' 15 හැවිරිදි සිසුවිය එසේ පැවසුවා වුණත්, සත්‍ය වශයෙන් අදාළ තරුණිය 'පිරිමි හඬකින්' අමතමින් මෙම 'නොමනා ක්‍රියාව' සිදු කර ඇති බැව් අනාවරණය වී තිබෙනවා.

මෙය කෙතෙක් දුර දිග ගියාද කිවහොත් 'නාඳුනන තරුණයා' වෙත සිය 'නිරුවත' පෙන්වන්නට තරම් සිසුවිය 'නිර්භීත' වී තිබුණා.

මාව බලන්න එන්නකෝ පැටියෝ......
මෙම 'නන්නාඳුනන පෙම්වතා' සිසුවියට තමන් හමුවීමට එන ලෙස දැනුම්දීමක් සිදු කළ නමුත් සිසුවිය එක පයින් එය ප්‍රතික්ෂේප කොට තිබුණා.

'තමුසෙ එනවද නැද්ද???' නැවත නැවතත් ඇවිටිලි කළද තර්ජනය කළද සිසුවිය තරුණියගේ ඉල්ලීම නොතකා හැරීම නිසා එම තරුණිය කෝපයට පත්ව තිබෙනවා.

'එන්නෙ නැත්තම් බලාගන්නවා මම තමුසෙට කරන දේ... දීපූ ලස්සන එව්වා තියෙනවනේ මං ළඟ. සේරම ෆේස්බුක් වැටෙයි. බලනවකෝ........'

මෙම 'නිරුවත් ඡායාරූප' සමාජ මාධ්‍ය වෙත මුදා හැරෙන්නෙ ඉන් අනතුරුවයි.

'අන්තිමේදී අම්මලාට කියන්න වුණා.....'
මෙම 'වද බන්ධන' ඉවසා වදාරා ගත නොහැකි වූ තැන 'සිසුවිය' මේ බැව් මවුපියන්ට පවසා ඇති අතර, මවුපියන් ද සිසුවියගේ 'නිරුවත් සේයාරූ' සමාජ මාධ්‍යයෙන් ඉවත් කරන ලෙස තරුණියගෙන් ඉල්ලීමක් කර තිබුණා. (මේ මොහොතේ මව්පියන් හා ඇය සංවාදයේ යෙදී ඇත්තෙද පිරිමි හඬකින් වීම විශේෂ යි....)

ඒ නමුත් 'තරුණිය' අදාළ ඡායාරූප සිසුවියගේ 'ඥාතීන්' වෙත ද යොමු කර ඇති බැව් පොලිසිය සඳහන් කරනවා.

'නිරුවත් පිංතූර, අසභ්‍ය වීඩියෝ, බ්ලූ ෆිල්ම් සහ පෝ$න්....'
මේ වන විට 'සමාජ මාධ්‍ය' ඔස්සේ මෙවැනි ම ආකාරයේ වූ 'අකටයුතුකම්' බොහෝමයක් සිදු වන අතර, 'විරසක පෙම්වතුන්' හෝ මෙවැනි රැවටිලිකාර තරුණියන් (නැතහොත් යුවළවල්) මෙවැනි දේ අතිශය 'සැළසුම් සහගතව' සිදු කරමින් ඉන්න බැව් රහසක් නොවෙයි.

එහි අවසාන 'තුරුම්පුව' අදාළ ඡායාරූප 'අන්තර්ජාලය'ට මුදා හැරීම යි. එසේ නැතහොත් ඒ බැව් කියමින් බිය ගැන්වීම යි.

'රිවෙන්ජ් පෝර්න්'‍
පෙම්වතුන් අතර සිදු වන අතිශය රහසිගත, පෞද්ගලික 'සම්බන්ධකම්' අන්තර්ජාලයට වැඩි වශයෙන් මුදා හැරීම සිදු වන අතර, මෙවැනි දේ 'නීතිය' හමුවේ කියන්නට ද ඇතැම් තරුණියන් අකැමැත්ත පළ කරන්නෙ සිදු වන 'අවමන් සහ ලැජ්ජාව' විඳ දරාගත නොහැකි වූ නිසයි.

මෙහි වන 'අවධානම' මඟ හරහා ගැනීමට නම් කාන්තාවන් නිරන්තරයෙන් මෙවැනි 'අවකාශයක' සැරිසරද්දි 'ප්‍රවේශම් සහගත' වීම අතිශය වැදගත් වනවා.

'ලෙඩේ හදාගන්නෙ නැතුව ඉන්න!!!'
'Prevention is better than cure' කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා: 'ලෙඩේ හැදිලා සුව වෙනවට වැඩිය හොඳයි ලෙඩේ හදා ගන්නේ නැතුව ඉන්න එක'. ඒ පැත්ත ගැන සිතන්න. නීතිය ක්‍රියාත්මක කරනවට වඩා වලක්වා ගන්න උපරිම උත්සහ කළ යුතුයි. මේ දේවල් වලට නීතිය ක්‍රියාත්මක කළ හැකියි. එහෙත් ඒ වෙද්දී ඇයට අපහාසවලට මුහුණ දීමට, ඇය ගැන සමාජයේ විවිධ මත පළ වීම වැනි සමාජය ඉදිරියේ අපවාදයට ලක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි!!'
gossip lanka