gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට එන්න සූදානම් වෙන තලපති විජේ හමුවෙන්න මෙරට පාලනය කළ ප්‍රබල දේශපාලන පවුලක් සූදානම් වෙනවලු

රංගන ශිල්පී Vijay මේ දිනවල රංගනයෙන් දායක වන්නේ වෙන්කට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරන ලද The Greatest Of All Time චිත්‍රපටයේයි.

මෙම චිත්‍රපටයේ ඔහු සමඟ ප්‍රශාන්ත්, ප්‍රභූ දේවා, මීනක්ෂි චෞද්රි, ජයරාම් සහ මෝහන් රංගනයෙන් දායක වී තිබෙනවා.


චිත්‍රපටයේ රූගත කිරීම් ඉතා වේගයෙන් සිදුවෙමින් තිබියදී සංගීත අධ්‍යක්ෂ යුවන් ශංකර් රාජාගේ සොහොයුරිය වන භවධරණීගේ අභාවයෙන් පසු එහි රූගත කිරීම් නතර වී තිබුණා.

නැවතත් එහි රූගත කිරීම් පාන්ඩිචේරි හී දී ආරම්භ වී තිබෙනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් සියයට 50 ක් අවසන් කර ඇති අතර, චිත්‍රපටයේ තවත් දර්ශන කිහිපයක්ම ශ්‍රී ලංකාවේ දී රූගත කිරීමට නියමිත බවට සඳහන්.

එයින් එක කොටසක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණයකදී ද රූගත කිරීමටද සූදානමක් පවතින බවට සඳහන්.

ඒ සඳහා චිත්‍රපට කණ්ඩායම ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කර තිබෙනවා.

මේ සමගම මෙරට නායකත්වයට පත්ව සිටි ප්‍රබල දේශපාලන පවුලක් තලපති විජේ හමුවීමට වෙහෙසෙමින් සිටින බවට ආරංචි වෙනවා.

නමුත් ලැබෙන ආරංචි අනුව එම පවුල හමුවුවහොත් විජේට සහ ඔහු ආරම්භ කල දේශපාලන පක්ෂයට බලපෑමක් ඇති වේවි යනුවෙන් අනතුරු අඟවා ඇති බවටද සඳහන් වෙනවා.ඒ වගේම මෙම පවුල නියෝජනය කරන දේශපාලන පක්ෂයටද මෙම හමුව යම් බලපෑමක් එක් කරන බවටද ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka