gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මට සමා වෙන්න දුවේ...මමත් තනියම ඉන්න නිසා තාත්තා එක්ක ආවා... අපි දැන් තංගල්ලේ බීච් එකේ ඉන්නේ" - පුතා දෙවැනි ගමන යද්දී, තාත්තා ලේලියගේ අම්මා එක්ක දෙවැනි ගමන ගිහිල්ලා...

මනාලියක රැගෙන ගෙට එනදා අතුරුදන් වූ පියකු පිළිබඳ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ නිල්වලා ගංගාව ආරම්භ වන කඳුකර ප්‍රදේශයේ  ගම්මානයකිනි.

එය සැකෙවින් මෙසේය.

තම පුතුට ගැළපෙන තරුණියක සොයා කපුවන්ගේ සහය ගත් පියෙකුට පෙරකී ප්‍රදේශයේ ප්‍රභූ පවුලක රූමත් දියණියක් ගැන තොරතුරු ලැබිණ.

කපුවා සහ පුතා සමග එහි ගිය පියාට සැබවින්ම රුමත් දියණිය මුණ ගැසුණු අතර ඇය මව සමඟ සිටින බවත් මව දැඩි දුකක් විඳ ඇය ලොකු මහත් කොට උගන්වා හොඳ රැකියාවක් ලබා දී ඇති බවත් දැන ගත්තේය.

දරුවා ඇති දැඩි කිරීමට තමා ගත් වෙහෙස ඇය කීවේ කඳුළු පිසමිනි.

පියාට ද දැඩි දුකක් ඇති වූයෙන් ඔහු පුතාට කීවේ මේ කටයුත්ත කර ගන්නා ලෙසටය.

පසුව දෙපිරිසම ඊට එකඟවී මංගල්‍ය උත්සවය මහ ඉහළින් ගත්හ.

මෙහිදී පියා ගෙවල් දෙකේම කටයුතු කළේ මහත් උනන්දුවෙනි.

මධු සමයෙන් පසු මනාලයාගේ නිවසට ජෝඩුව ආදා පියා එහි නොවූයෙන් මනාල පුතා විමතියට පත් වුවත් මව ඔය මනුස්සයගෙ වැඩේ එහෙ මෙහෙ දුවන එකනෙ කීවේ තවදුරටත් ඒ ගැන නොසොයමිනි.

ඒ අවස්ථාවේ කලබලයට පත් මනාල දුව තම මවට ඇමතුමක් ගත්තාය. ''කලබල වෙන්න එපා දුවේ. තාත්තා මෙහෙ ඉන්නව'' මව කීමෙන් දියණියට “හත් දෙයියනේ'' කියවුණාලු.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka