gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ රිය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරු ගැන දැන් ඇසෙන කතාව

සනත්  නිශාන්ත හිටපු අමාත්‍යවරයාගේ මරණය සම්බන්ධව පසුගිය කාලයේ දැඩි කතාබහකට ලක් වුණා.

සමහර අවස්ථාවල ඔහුගේ මරණය සැක සහිත බවටද අදහස් පළ කර තිබුණා.මේ ඒ සම්බන්ධව ඇහෙන තවත් කතාවක්.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන්ගත් සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කන්ටේනර් රථයේ රියදුරුගෙන් පැය 5ක පමණ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

එම රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්තගේ බිරිඳ, නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් හේතුවන් අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳව පරීක්ෂණ අරඹා තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka