හෝටල් කාමරයක දී 'තරුණියක්' සියදිවි නසාගත් 'ඛේදනීය පුවතක්' පසුගිය දිනෙක වාර්තා වුණා.
රණාල, බටේවෙල පිහිටි 'බෝඩිම් කාමරයක්' තුළ ඇය මෙසේ දිවි හානි කරගෙන තිබුණා.
මරණය වටා 'අතිශය විශාල අබිරහසක්' පවතින අතර, ඒ සම්බන්ධයෙන් වන විමර්ශන පවා තවමත් අවසන් නැහැ. මරණයට පත්ව ඇත්තේ ගාල්ල, නාගොඩ පදිංචි 'සඳුනි අමන්දා' නම් 20 හැවිරිදි තරුණියක්.
ඇය රණාල ප්‍රදේශයේ රැකියාව කරන අතරතුර දී 'අනුරාධපුර' ප්‍රදේශයේ පදිංචි 'තරුණයෙක්' සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
දෙන්නම ඉඳලා තියෙන්නෙ එක බෝඩිම් කාමරේ??
මුල්ලේරියාව ප්‍රදේශයේ 'කර්මාන්ත ශාලාවක' සේවය කරන මෙම තරුණයා, තරුණිය හා එකම 'බෝඩිම් කාමරයේ' නැවතී සිට තිබෙනවා.
හිටි හැටියේ ආපු 'නෑනා' කෙනෙක්??
පසුගිය දිනෙක තරුණයාත්, තරුණියත් රැඳි සිටි 'බෝඩිම් කාමරය'ට 'නෑනා කෙනෙක්' පැමිණ තිබුණා.
ඇය ද ඔවුන් සමඟ එම 'බෝඩිම් කාමරයේ' ම නැවතී සිට ඇති බැව් තරුණයා පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන්.
ගිහින් එද්දි එල්ලිලා
මේ අතර, පසුගිය 08 වැනි දින 'තරුණයා සහ නෑනා' කිසියම් කටයුත්තක් සඳහා පිටතට ගොස් තිබෙනවා.
ඔවුන් ආපසු පැමිණි අවස්ථාවේ කාමරය තුළ 'සඳුනි අමන්දා' ගෙල වැළලාගෙන සිට ඇති බැව් සඳහන්.
ඔවුන්ට ද 'උභතෝකෝටිකයක්' වූ මෙම 'මරණය' සම්බන්ධයෙන් ඔවුන් අනතුරුව 'පොලිසිය' දැනුම්වත් කර තිබුණා.
මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක්...
කෙසේ වෙතත්, මෙම තරුණියගේ 'මරණය' සම්බන්ධයෙන් කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය ලසන්ත ගමගේ මහතා 'විවෘත තීන්දුවක්' ලබා දී තිබුණා.
එසේ ම 'සිරුරේ කොටස්' වැඩිදුර පරීක්ෂණ සඳහා ද යොමු කර ඇති බවයි වාර්තා වන්නෙ.