gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳත්, දුවත්, පුතාත් නැති සොවින් පියා කම්පනයට පත් වෙලා.. සතුට පිරුණ කුරුළු කැදැල්ලක් සුනුවිසුණු කළ ආරච්චිකට්ටුවේ මාරක අනතුර (PHOTOS)

ඇත්තටම මේ පුවත ඔවුන් කොහොම නම් විශ්වාස කරන්න ඇතිද..?

ඒ තාත්තත් වැඩිමහල් දියණියත් මේ ශෝකය කොහොම නම් දරා ගන්නද..?  

කොළඹ සිට පුත්තලම බලා එදින සවස 3.30ට පමණ ගමන් ගත් දුම්රියේ ගැටීමෙන් එකම පවුලේ මව, පුතා සහ දියණිය එම ස්ථානයේදීම මරණයට පත්වීම පසුගිය දවසක හැමෝම කම්පාවට පත් කරන පුවතක් වුණා...

ඉකුත් 19 දා සවස සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය ඔවුන්ගේ දේහය මේවන විට අඩිප්පල, ගඩොල්කැලේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ආරච්චිකට්ටුව කැලේගම පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදුකිරීමට නියමිතයි.. 

එකම කැදැල්ලක පණමෙන් එකට සිටි තම බිරිඳ හා දරු දෙදෙනා අනපේක්ෂිතව මෙලොවින් සමුගැනීමේ වේදනාව දරාගත නොහැකිව දරුවන්ගේ පියා දැඩි කම්පනයකට පත්ව සිටිනු දැක්ම කාගේත් හදකම්පා කරවූ දසුනක් වුණා..

අනතුරෙන් දියණියගේ හා පුතාගේ සිරුර හඳුනාගත නොහැකි ලෙස බරපතළ ලෙස හානි සිදු ව ඇති හෙයින් එම දේහයන් මුද්‍රා තබා ඇති අතර මවගේ දේහය විවෘතව කර තිබුණා..

ශාලිකා දිල්රුක්ෂි නමැති 37 හැවිරිදි තිදරු මවත් ඇයගේ 9 හැවිරිදි සසන් මන්තුල ජයලත් පුතු සහ 7 හැවිරිදි සිතුම්සා සාවින්දි ජයලත් දියණිය මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka