gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැමියාගේ දේහය බාර ගැනීමට නීත්‍යානුකූල බිරිඳයි ,අනියම් බිරිඳයි ගහ ගනියි – උණුසුම් තත්වයක් ඇති වෙයි

මියගිය පුද්ගලයකුගේ දේහයක් භාර ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කොට කාන්තාවන් දෙදෙනාටම අවසන් ගෞරව දැක්වීමට හැකිවන පරිද්දෙන් තීන්දුවක් ලබාදීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු  චින්තක උදය කුමාර මහතා (18)  දා පියවර ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි පවසයි.

ඒ අනුව හෝමාගම පෞද්ගලික මල්ශාලාවක තබා පැය දෙකක කාලයක් අනියම් බිරියගේ අවසන් ගෞරව දැක්වීමටත් අනියම් බිරිය දේහය බාරදුන් ඉන් පසුව විවාහක බිරිඳ භාරයේ  දේහය භූමදාන කොට අවසන් ගෞරව දැක්වීමටත් හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කර තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම උඩුවන 199 / 03 හි පදිංචි දිසානායක මුදියන්සේලාගේ ශාන්ත දිසානායක නමැති (45) හැවිරිදි තිදරු පියකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා මීගහකිවුල ප්‍රදේශයේ කාන්තාවක සමග 2006 වසරේදී විවාහ වී රැකියාව වශයෙන් කලින් කලට රටපුරා තැන් තැන්වල යමින් රඹුටන් අලෙවිය ඇතුළු විවිධ ව්‍යාපාර කරමින් ජීවනෝපාය සලසාගෙන  තිබේ.

මේ අතරතුරදී රඹුටන් අලෙවිය සඳහා හෝමාගම ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවකදී එහි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් වසර 15 පමණ සිට කටයුතු කර ඇති අතර ඒ බව දැනගත් විවාහක කත සැමියා අතහැර දමා දරුවන් තිදෙනා සමග ජීවත්ව ඇති බව පැවසේ.

ඒ අනුව හෝමාගම උඩුවන ප්‍රදේශයේ අනියම් බිරිඳගේ නිවසේ වාසය කරමින් සිටියදී පපුවේ දැවිල්ල සහ අධික  වමනය හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී (18) දා මියගොස් තිබූ බව පොලීසිය පවසයි.

පසුව විවාහක සැමියා මිය ගිය බව දැනගත් නීත්‍යානුකූල බිරිඳ පැමිණ දේහය භාර ගැනීමට ඉල්ලා සිටීමත් සමඟ අනියම් බිරිය අතර උණුසුම් තත්වයක් හටගෙන තිබේ. පසුව හදිසි මරණ පරීක්ෂකවරයා සහ පොලිසිය ඥාතීන් සමඟ සාකච්ඡා කොට දෙපාර්ශවයටම අගතියක් නොවන පරිදි තීන්දුවක් ලබාදීමට පියවර ගැනිනි.

ඒ අනුව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා මෘත  දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදුකළ අතර එහිදී හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය දමිත් අත්තනායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කෙරිණි.

එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මෙම මරණයට හේතුව හෘදයාබාධයක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේය.

එසේම බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි විවාහක බිරිඳගේ නිවසේ අවසන් කටයුතු සිදු කරන ලෙසත් ඊට පෙර පැය දෙකක කාලයක් අනියම් බිරියට අවසන් ගෞරව දැක්වීමට දේහය භාරදෙන ලෙසත් හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමින් පොලිසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ පොලිස් මුරපොල පො.කො (65293) ලක්ෂ්මන් නිලධාරිහු පරීක්ෂණ පැවැත්වූහ. 

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka