gossip lanka

දෙනෝදාහක් ඉදිරියේ රද්දල්ගොඩ කළුවසන්ත ගැසූ ගේම වීරඟුල – බෙම්මුල්ල – පල්ලේවෙල පොලිසි ඒකාබද්ධ මෙහෙයුමකින් සුන්... (VIDEO)

යක්කල මහවිට දී ව්‍යාපාරික යුවළක් බියගන්වා සුඛෝපභෝගී වාහනයක් පැහැරගෙන ගිය රද්දල්ගොඩ කළු වසන්ත නැමැති අපරාධකරුවෙක් සහ තවත් අපරාධකරුවන් 08 දෙනෙක් අත් අඩංගුවට ගැනීමට වීරඟුල බෙම්මුල්ල සහ පල්ලේවෙල පොලිසි විසින් සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් සමත් වී තිබේ.
කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික යුවළකට අයත් මෙම සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකා තිබුණේ එම යුවල කෙටි ආහාරයක් ගැනීමට පාර අයිනේ ඇති අවන්හලක් අසල වාහනය නවත්වා තැබූ අවස්ථාවක දී ය.

තවත් සුඛෝපභෝගී වෑන් රථයකින් පැමිණි පිරිස කාන්තාවගේ ගෙලට පිහියක් තබා ඇයගේ දුරකථනය ගෙන පොලොවේ ගසා විනාශ කර වාහනය පැහැරගෙන පලා යෑමත් සමග ඒ සම්බන්ධව ව්‍යාපාරික යුවල වීරඟුල පොලිසියට පැමිණිලි කර ඇත.
වහාම ක්‍රියාත්මක වූ වීරගුල, බෙම්මුල්ල හා පල්ලෙවෙල පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර GPS තාක්ෂණය ඔස්සේ රථය ලුහුබැඳගොස් තිබේ.

මෝටර් රථය බටලීය මක්කනිගොඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කර එම මාර්ගයේ කෙළවරක පිහිටි ඉඩමක දමා තිබේ. අනතුරුව පැමිණි පුද්ගලයින් තිදෙනා විනාඩි විස්සක පමණ කාලයක් ඒ අසල රැඳී සිට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
එම ස්ථානයට පොලීසිය පැමිණ ටික වෙලාවක් රහසේ රැඳී සිටිය දී නැවත එම මෝටර් රථය රැගෙනයාමේ අදහසින් එහි පැමිණි එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව රථය පැහැරගැනීමට පැමිණි කොල්ල කල්ලියේ ප්‍රධාන සැකකරු වන රද්දල්ගොඩ කළු වසන්ත නමැත්තා ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී වෑන් රථයද පොලීසිය භාරයට ගෙන තිබේ. වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි. – දෙරණ
gossip lanka