gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

28 හැවිරිදි බිරිඳ ඝාතනය කර හිස රැගෙන සැමියා පොලීසියට ගිහින්!

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සංවේදී වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, කඳින් වෙන්කළ කාන්තා හිස කොටසක් රැගත් පුද්ගලයෙකු මහමග ගමන් කරන ආකාරය.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ජීවත්වන 30 හැවිරිදි වියේ පසුවන අනිල් කුමාර් කපා වෙන්කළ සිය බිරිඳගේ හිස රැගෙන මාර්ගයේ ගමන් කරන වීඩියෝවක් මෙලෙස දැකගන්නට ලැබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 28 හැවිරිදි කාන්තාවක් වන අතර ඔවුන් වසර කිහිපයකට පෙර විවාහ වී දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි අනාවරණය වන්නේ.

එරට පොලීසිය සැකපළ කරන්නේ, ඔවුන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් සැකකාර සැමියා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි.

අනතුරුව සිය බිරිඳගේ හිස සහ එය කපා වෙන්කිරීම සඳහා භාවිත කළ පිහිය ද අතැතිව මාර්ගයේ ගමන්කරමින් සිටි මෙම සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර ප්‍රශ්නකිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමන් භාරවීම සඳහා පොලීසියට පැමිණි බවයි.

මේ අතර පොලිසිය සැකපළ කරන්නේ, ඔවුන්ගේ නිවසේ තිබී හමුවූ ආදර හසුනක් සම්බන්ධයෙන් සැකසිතී කළ ප්‍රශ්නකිරීම්වලදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුවූ බවටයි.    
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka