gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිදහස් දා වෙන්න ගිය මහ මළගමක් වැළකේ… පානදුර ජීවිත ආරක්ෂකයෝ මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනක් බේරාගනිති!

නිදහස් දින පානදුර මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ ජීවිත  දිවි බේරාගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත.
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි චාල්ස් ඇන්තනී (20), සෙල්වරාජා සන්තෝෂ් (16) , ෆැන්සීස් විනෝද් (16) යන තරුණයන් තිදෙනා සහ සන්තුරුක්සන් රුක්සිකා (16), මොහන්දාස් දිණූෂා (15) සහ පරදන් දිනූසිකා (16) නමැති තරුණියන් බව සදහන් වේ.

හය දෙනා පානදුර වෙරළට පැමිණ විනෝදවී පසුව දියනාමින් සිට ඇති බවත් ,  වෙරළට මීටර් 50 ක ආසන්නයේ  සිටි ඔවුන්  රළ පහරකට හසුව කෙමෙන් කෙමෙන් දියඹ දෙසට ඇදීගොස් ඇති බවත් සඳහන් වේ.

පසුව ඔවුන් උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර , ඒ අනුව සැරයන් සුසන්ත සහ කොස්තාපල්  දේශාන් පළමුව ජීවිත ආරක්ෂක ටියුබ් රැගෙන  දියට පැන ඇත. පසුව ඒ ආසන්නයේ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීයාද දියට පැන බේරාගැනීමට සහයවී තිබේ.

මුලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු මෙම තරුණ පිරිස  පිටත්කර යැවූ බව ජීවිත ආරක්ෂක නිළධාරීන් පැවසීය. පොලිස් සැරයන් 52141 සුසන්ත , කොස්තාපල් 93731 දේශාන් සහ නාවික සෙබළ කළුබෝවිල    මේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමට එක් වී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka