gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෙහෙත් ගන්න සල්ලි නෑ... බිරිදටත් වස පොවා සැමියාත් වස බොයි

තම බිරිඳගේ අසනීප තත්ත්වයකට වියදම් කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් බිරිඳටද වස පොවා සැමියා ද වස පානය කළ පුවතක් සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙසේ වස පානය කරගෙන දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ සූරියවැව වෙනිවැල් ආර ප්‍රදේශයේ පදිංචි පනස් අට හැවිරිදි හා පනස් හතර හැවිදි අඹු සැමියුලකි.

තම බිරිඳට කලක පටන් තිබූ කෂේරුකාවේ ආබාධයක් හේතුවෙන් ඇය එක්තැන්ව සිට ඇති අතර ඇයට ප්‍රතිකාර ලබා දීමට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවී තිබේ.

නමුත් ඒ සඳහා වියදම් කිරීමට ප‍්‍රමාණවත් ආර්ථික ශක්තියක් නොමැති වීම නිසා සැමියා බිරිඳටද වස පොවා තමන්ද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වස පානය කිරීමෙන් අසාධ්‍ය ව සිටි දෙදෙනා අසල්වාසීන් විසින් රෝහල් ගත කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka