gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙහිවල කඩවත පාරේ වාහනයට දුන් උපදෙස නොරිස්සූ තරුණයා අංකල් හප්පා මරලා!

දෙහිවල කඩවත පාර ඇතුළත මාර්ගයක රිය අනතුරක් මුවාවෙන් කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ තොරතුරු ලැබී තිබේ. මෙම සිද්ධිය සිදුවන්නේ පෙරේදා (21) පෙරවරු 9.45 ට පමණය. ස්කූටි වර්ගයේ යතුරු පැදියක ගමන් ගත් 52 හැවිරිදි පුද්ගලයෙකු පිටිපසින් ගමන් කළ ඇක්වා වර්ගයේ කාර් රථයක සිටි පුද්ගලයෙකුට පාරේදී යමක් පෙන්වා උපදෙසක් ලබාදී ඇති අතර පසුව එම යතුරුපැදි පුද්ගලයා වාහනය පණගන්වා ඉදිරියට ගමන් කරද්දී ඔහු හප්පා මරාදමන්නට පසුපසින් ගිය රථයේ ගිය රියදුරු කටයුතු කර තිබේ.

කාර් රථයේ හැප්පුණ පුද්ගලයා ආසන්නයේ කානුවක වැටෙන අතර ස්කූටිය සමග වැටෙන ඔහු බරපතල තුවාල ලබන්නේය. අවට සිටි අය ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කරන්නට කටයුතු කළ නමුත් ඔහු අවාසනාවන්ත ලෙස මියයන්නේය.

මියගිය පුද්ගලයා මොරටුව කටුබැද්ද පදිංචි 52 හැවිරිදි අයකු බව පොලිසිය හඳුනාගෙන තිබේ.

සිද්ධිය සිදුවූ අවස්ථාවේ අවට සිටි අය ප්‍රකාශ කර තිබෙන්නේ, කාර් රථය පාරේ තිබෙන ගල් කණ්ඩියක ගෑවී ආ අයුරු දුටු ස්කුටිය පැදවූ පුද්ගලයා දුටු බවත් පසුව ඔහු රියදුරුට කාර් රථයේ ඇතිවූ සීරීම ගැන දැනුම්දීමක් කළ බවත්ය.

නමුත් එය කිසියම් වැරදි වැටහීමකින් තේරුම්ගත් රියදුරු ඔහු සමග බහින්බස්වීමක් ඇති කරගෙන ඇති අතර තමා උදව්වක් ලෙස සිදුවූ සීරීම ගැන සඳහන් කළ බව කියමින් ස්කූටියේ ආ අය ඔහුගෙන් ඉවතට යන්නට තීරණය කර ස්කූටිය පණගන්වා ටිකදුරක් යද්දීම කාර් රථය ඔහු පසුපස වේගයෙන් විත් ඔහුව කානුවට තල්ලුවන ලෙස හප්පා ඇති බවය.

මෙම අවස්තාවේ එම රථය ද අසළ විදුලි කනුවක හැපෙන අතර ඊටද අලාබහානි සිදුවේ.

ගල්කිස්ස පොලිසිය සඳහන්කර සිටියේ කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.
මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන රියදුරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka