gossip lanka

දඹුල්ල පිටියේ උණුසුම් තත්වයක්... ටිකට් ඉල්ලා යකඩ වැටවල් කඩති (VIDEO)

දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් අද ඇති විය.

ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග සඳහා ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දැමීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ඉදිරි තරග දෙක සඳහා වන සියලුම ප්‍රවේශපත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන් බවයි.
gossip lanka