gossip lanka

"මම මීට කළින් ඒවා බීලා නෑ.. එයා එකතු වෙන්න කළින් ඒවා දුන්නා…" - වැඩිහිටි කාන්තාවකගෙන් අමුතු ආශ්වාදය ගන්න ගිය තරුණයා අනාථ වෙයි… ඇස් උඩ යන කතාවක් එළියට…

ලෝකය තුළ ලිංගික බෙලහීනතාවයට පත්ව ඇති පුද්ගලයන් විශාල වශයෙන් වැඩි වී ඇති බව වාර්තා වේ.

එහෙයින් ලිංගික උත්තේජන භාවිතා කරන පිරිස ද විශාල වශයෙන් වැඩි වෙමින් සිටිති. ලිංගික උත්තේජන ඖෂධ සහ ස්ප්‍රේ වර්ගවලට ලෝකයේ රටවල ඉහළ ඉල්ලුමක් ඇති වී තිබෙන බව ද වාර්තා වේ.

එහෙත් ලෝකයේ බොහෝ රටවල ඖෂධහල්වලින් බෙහෙත් ලබාගැනීමට එරට ලියාපදිංචි වෛද්‍යවරයකුගේ නිර්දේශය අවශ්‍ය වුවද මෙරටට එවැනි නීති වලංගු නැත. කැමැති ආකාරයට, ඕනෑම ප්‍රමාණයකින් ඖෂධ ලබාදීමට මෙරට ඖෂධහල් යුහුසුළුය. ලිංගික උත්තේජන ඖෂධවල නම් කියන සුනංගුවට බෙහෙත් ලබාදෙන ෆාමසි අපේ රටේ තිබෙන බව ද එම ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයෙක්ම අප සමඟ පැවසීය.

“අපේ ෆාමසියෙත් විවිධ වර්ගයේ ලිංගික උත්තේජන ඖෂධ, ස්ප්‍රේ වර්ග තියෙනවා. ඒත් මම නම් අඩු වයසෙ ළමයින්ට එවැනි නිෂ්පාදන දෙන්නෙ නෑ.

සෙනසුරාදා, ඉරිදා දවස්වලට විශාල වශයෙන් ලිංගික උත්තේජන ඖෂධ වර්ග විකිණෙනවා. දැන් ගොඩක්ම පාසල්වියේ පිරිමි ළමයි ප්‍රේමවන්තියත් එක්ක ලැඟුම්හලකට යනකොට පෙත්තක් සාක්කුවේ දාගෙන යෑම විලාසිතාවක් කරගෙන තියෙන්නෙ. අපි විකුණුවේ නැති වුණාට වෙනත් ෆාමසි ඉල්ලන සුනංගුවට දෙනවා.

දැන් හැදෙන ළමයිත් කිසිදු බයක්, සැකක් නැතිව පෙත්තෙ නම කියලා ඉල්ලනවා. මේ පෙති අරගෙන යන්නෙ බීලා ගෑනු ළමයා තුරුළු කරගෙන ඉඳලා එන්න නෙමෙයි. ලිංගික ආශ්වාදයේ අන්තයටම යන්න. එවැනි අවස්ථාවන්ට මුහුණදෙන ගැහැනු ළමයින්ගේ ජීවිත ගැන කතා කර ඵලක් නෑ. පව්. මේවාට වගකියන්න ඕනෑ දෙමවුපියො.

ඒ වගේම පිරිමින්ට පමණක් ලිංගික උත්තේජන ඖෂධ වර්ග කාන්තාවන් ඇවිත් කාඩ් පිටින් අරගෙන යනවා. දැන් අපේ රටේ සමහර මිනිස්සු මේ ඖෂධ පාවිච්චි කරන්නෙ උනට වේදනා නාශක බොනව වගෙයි…” ව්‍යාපාරිකයාගේ කතාව එසේ ගලා යන විට විශෝධන මධ්‍යස්ථානයකදී හමු වූ තරුණයෙක් පැවසූ කතාවක් මගේ මතකයට නැඟිණි.

“අපේ තාත්තට පිටකොටුවේ හොඳ ව්‍යාපාරයක් තියෙනවා. උසස් පෙළ කරන කාලෙ ඉඳලා වැඩිපුර කඩේ හිටියේ මම. දවසක් කඩේට ලස්සන කාන්තාවක් ඇවිත් බඩු අරගෙන හොඳට කතාබහ කරලා ගියා.

ඒ ගෑනු කෙනා කිහිප දිනක්ම කඩේට එන යනකොට අපි අතර සම්බන්ධයක් ඇති වුණා. දවසක් අපි හෝටල් කාමරයකට ගිහින් ලිංගිකව එකතු වෙන්න හදනකොට ඒ ගෑනු කෙනා කුඩු ටිකක් අරගෙන ඊයම් කොළයකට දාලා රත් කර උරලා මටත් දීලා හොඳට උරන්න කිව්වා.

එතකොට වැඩි වේලාවක් අපිට ඉන්න පුළුවන් කිව්වා. ඊට පස්සෙ අපි එකතුවන සෑම අවස්ථාවකදීම මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. අන්තිමේ මම හෙරොයින්වලට ඇඩික් වුණා…” එම තරුණයාට වයස අවුරුදු විසිදෙකකි. ප්‍රසන්න පෙනුමැති, කඩවසම් තරුණයෙකි. එහෙත් මත නිසා දැන් ඔහුගේ ශරීරය වැහැරී ගොස්ය.

ළාබල පිරිමි ළමයින්ව දැලේ දාගන්නා කාමාතුර වැඩිහිටි කාන්තාවන් ලිංගිකව එකතුවන විට ලිංගික උත්තේජන, මත්ද්‍රව්‍ය වර්ග ඒ ළමයින්ට ලබාදෙන බව සමාජයෙන් නිතර ඇසෙන කතාවකි. මානසික වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා ද ඒ බව අපට තහවුරු කළේය.

“ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කරන බහුතරය ක්‍ෂණික මෝචන තත්ත්වයන් ඇති පුද්ගලයන් සහ අනියම් ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන පුද්ගලයන්. මෑත කාලෙ ඉඳලා ෆේස්බුක් මාර්ගයෙන් වැඩිහිටි කාන්තාවන් ළාබල තරුණයන් සමඟ සම්බන්ධතා ඇති කරගැනීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා.

එම කාන්තාවන්ට වැඩි වේලාවක් ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යෑමට ඕන නිසා සහකරුවාට ලිංගික උත්තේජන ඖෂධ ලබාදෙනවා.

අඩු වයසෙන් මෙවැනි ඖෂධ භාවිතා කිරීම තුළ වැඩිහිටි තත්ත්වයට පත්වෙනකොට ක්‍ෂණික මෝචන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ක්‍ෂණික මෝචනය කියන්නෙ ලිංගික එකතුවීමකදී ඉතා කෙටි කාලයක් තුළ ධාතු පිටවීම. එම දුබලතාවයට ප්‍රධාන හේතුව සෙරටොනික් අඩුවීම.

එම තත්ත්වය මඟහරවා ගන්න වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර තියෙනවා. සෙරටොනික් අඩංගු ඖෂධ වර්ග තියෙනවා. නිසි වෛද්‍ය උපදෙස් යටතේ සෙරටොනික් අඩංගු ඖෂධ පාවිච්චි කිරීම තුළින් සතියෙන්, දෙකෙන් ක්‍ෂණිකමෝචන තත්ත්වයන් සුවපත් කර ගන්න පුළුවන්.

ලිංගික උත්තේජන ඖෂධ භාවිතය පිරිමි වීරත්වය ප්‍රදර්ශනය කිරීමකි. එහෙත් කාන්තාවක් ඉදිරියේ වීරයෙක් වීමට ගොස් මැරී වැටීම පිරිමි කමට කරන අගෞරවයක් පමණක් නොව, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද පාරෙ බැස යෑමත් නැති කිරීමකි. උද්ගතව ඇති මේ මානසික ව්‍යාධිය මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමට හා සමාන ව්‍යසනයකි.

එහෙයින් කඩිනමින් මුහුණුපොත හරහා කෙරෙන ලිංගික ඖෂධ අළෙවිය තහනම් කළ යුතුය. එමෙන්ම මෙරට ෆාමසිවලින් මෙවැනි ඖෂධ ලබාදීමට යම් ක්‍රමවේදයන් සකස් කළ යුතුය.

යම්, යම් ලිංගික අප්‍රාණික තත්ත්වයන් තිබෙන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබාගැනීමට යොමුවීමට මැලි නොවිය යුතුය. නිසි ප්‍රතිකාර මත ඔබට නිරෝගීමත් වීරයෙක් බවට පත්විය හැකිය.

වෛද්‍යවරයෙක් හමුවීමට තිබෙන ලැජ්ජාවට ලිංගික දුබලතා යටපත් කරගෙන සිටීම මරණය දක්වා විඳවීමක් බව ද මතක් කළ යුතුය.

දිවයින
gossip lanka