gossip lanka

"දැන් සෙපරේට් ! මොකක් හෝ පවක් කරලා ඇති..." - දෙදරා ගිය හර්ෂ - අමායා ආදර කතාව

හර්ෂ ධනෝෂ් - අමායා අධිකාරි දෙන්නගෙ ආදර කතාව කාලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක පුවත් මැවූ ආදර කතාවක් කිව්වොත් හරි.

ගායකයෙක් හැටියට ජනප්‍රිය වුණු හර්ෂ, පසුකාලීනව කතාබහට ලක්වෙන්න ගත්තේ අමායා අධිකාරිගෙ පෙම්වතා හැටියට.

එහෙම කාගෙත් අවධානය දිනූ ඔවුන්ගේ ආදර කතාව, පවුල් ජීවිතය මේ වෙද්දි දෙදරා ගිහින් කියලා ආරංචි.

මේ, ඒ ගැන හර්ෂ කියන කතාව...

''අපි අවුරුද්දක් විතර ඇති දෙපැත්තකට වෙලා. දැන් සෙපරේට්.

ඒත් මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දුව හා පුතාලා දෙන්නා.

මේ අය තමයි මගේ ජීවිතේ කවුරු කොහොම කිව්වත්.

මම මැරෙනකල් මගේ යුතුකම් ඉටු කරන්න ඕන.

එයාලට එයාලගේ තාත්තා නැති වෙන්න මම ඉඩ දෙන්නෙ නැහැ.

අමායා හා දරුවෝ ළඟ නැතුව මම මේ ගෙවන්නේ අසීරූ කාලයක්.''

ඔවුන් වෙන් වුණාට මොකද ආයෙමත් එකතු වෙන්න යනවා කියලත් අහන්න ලැබුණා...

''මම අමායා එක්ක කතාබහ කරනවා. අපි ආයෙමත් ඉස්සර වගේ සතුටින් ජීවත් වෙන්න ඕන කියලා අපි දෙන්නම දන්නවා.

මම පව් කරලා ඇති කිව්වේ මුලින් ඒකයි. දැන් මට හිතෙනවා පව් ටික ටික ගෙවිලා යනවා කියලා.

අපි ආයේමත් එකතු වෙන්න ටික දවසක් යයි.

එතකල් මම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.

මම පවුල් ජීවිත ගත කරන හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා පවුල් ජීවිතේ විනාස කරන්න පවුලට එබෙන්න මිනිසුන්ට ඉඩ දෙන්න එපා.

සතුටින් හිටපු මගෙත් අමායාගේ ජීවිතේටත් එහෙම අයගෙන් ආපු බලපෑමක් නිසයි දුරස් වුණේ.

ඒ අය අපිව විරසක කරලා පීඩාවට පත් කරලා වින්දනයක් ලැබුවා වෙන්න ඇති.

අපි ළඟින්ම ඉන්න අයගෙන් තමයි අපි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕන.

දෛවය කොච්චර සරදම් කරනවා ද කිව්වොත් ගින්දර කියලා දැනගෙනම අත පුච්චාගන්න අවස්ථා තියෙනවා.''

අපි එකිනෙකාගෙන් වෙන් වුණාට මොකද ආදරේ කියන්නෙ එහෙම ලේසියෙන් නැති වෙලා යන දෙයක් නෙවෙයි...

''මට කියන්න තියෙන්නේ මම අමායාට ගොඩක් ආදරේ කරනවා කියලා විතරයි.

ඒ ආදරේ කොච්චර ද කියලා ඇහුවොත් මට කියන්න නිර්වචන නැහැ.

මම ආදරේ කරන එකම කෙනා මගේ බිරිඳ අමායා විතරයි.

මට තාත්තා කියන හැඟීම දුන්නේ අපේ හෙවන් පුතා.

හෙවන්ගේ වයස අවුරුදු හතරාමාරයි. පොඩි පුතා නිර්වාන්. අවුරුදු තුනහාමාරයි. අපේ දුවගේ වයස අවුරුදු 11ක්. එයා ලෝරියානා.

මේ තුන් දෙනාගෙ ආදරේ මට ළං කළේ අමායා.

අපි ආයේ එකතු වෙන්න ඕන. අමායාට දීපු ආදරේ තවත් වෙනස් වෙලා නැහැ...''

''...මම එයාට ආදරේ කරනවා. ඒ ආදරේ නිසානේ අපි පවුල් ජීවිතයක් ගත කළේ. ප්‍රශ්න එනවා, වැරදි වෙනවා.

ඒවා ජීවිතේට පාඩම් කියා දෙනවා කියලයි මම හිතන්නේ.

ඉතිං ඒ අඩුපාඩු හදාගෙන ජීවත් වෙන්න තමයි මම ඉදිරියේ දි උත්සාහ කරන්නේ.

ඒ වගේම කියන්න ඕන ළඟදි දවසක මම එක්තරා වැඩසටහනකට සම්බන්ධ වුණා.

එහිදි ප්‍රශ්නයක් ඇහුවා මගෙන් අම්මව හරි බිරිඳව හරි තෝරා ගන්න වුණොත් දෙන්නගෙන් කාවද තෝරා ගන්නේ කියලා.

ඒ දෙන්නම මට නම් ඇස් දෙක වගේ. අත් දෙක වගේ.

අපිට එක ඇසක් හෝ එක අතක් නැති වුණොත් කොහොමද. ඒක අමාරු අවස්ථාවක්.

මගේ බිරිඳටත් දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ අම්මා අමායා.

ඉතිං මගේ අම්මත් එහෙමයි. අම්මලා දරුවන්ට දක්වන ආදරේ වෙනස්.

එය අමායා හොඳින් තේරුම් ගෙන හිටපු කෙනෙක් කියලා මතක් කරන්න ඕන''

'අමායා කියන්නේ පෞද්ගලික ජීවිතේ නිසා උපරිම දුකක් විඳපු කෙනෙක්.

ඒ වගේම එයා ටිකක් ඉක්මනින් කලබල වෙනවා.

ඒ හැර එයා මම වගේම පරාජය වෙන්නෙ නැහැ අවශ්‍ය දේ ලැබෙනකල් එය ලබා ගන්න උත්සාහ කරනවා.

කෙටියෙන්ම කිව්වොත් දරාගැනීම උපරිමයෙන් තියෙනවා.

ඒ වගේම එයත් කලාවට දක්ෂ කෙනෙක්. එයාගේ වරදක් කියන්න තරම් දෙයක් දකින්නෙ නැහැ.

ඒ තරම් හොඳ කෙනෙක් තමයි අමායා කියන්නේ.

සැමියා විදිහට එයාගේ දක්ෂතා ගැන මම සතුටු වෙනවා.'' (උපුටාගැනීම් රසඳුන - හර්ෂණී වීරරත්න)

gossip lanka