gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුක්තියට බියෙන් වෙස් ගත් කපුවා කපෝතියි

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුගේ මෙරට නියෝජිතයා ලෙස කටයුකු කරන රත්මලානේ ෂෝටා නමැත්තා යුක්තිය මෙහෙයුමට බියවී හොරණ ප්‍රදේශයේ දේවාලයක ප්‍රධාන කපුවකු ලෙස කටයුතු කරමින් හෙරොයින් ජාවාරමේ නිරත වෙමින් සිටියදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් ඊයේ (08 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් අලෙවි කිරීමට දේවාලයේ සඟවාගෙන සිටි රුපියල් ලක්‍ෂ 3 ක් පමණ වටිනා හෙරොයින් පැකට් පොලිසිය භාරයට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය එවන ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනකුගේ මෙරට නියෝජිතයා වන රත්මලානේ ෂෝටා නමැත්තා හොරණ පොකුණුවිට ප්‍රදේශයේ දේවාලයක කපුවක ලෙස කටයුතු කරන බවට වලාන දූෂණ මර්දන බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාට තොරතුරු ලැබී තිබිණි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේන්‍ද්‍ර කුමාර ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී අනාවරණය වූයේ ෂෝටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, කාලයක සිට හොරණ පොකුණුවිට දේවාලයකට විශාල වශයෙන් මිල මුදල් පරිත්‍යාග කර එම දේවාලයේ කපුවා සමඟ සබඳතා ගොඩනඟාගෙන සිටින බවයි.

යුක්තිය මෙහෙයුමට බිය වී ෂෝටා නමැති ජාවාරම්කරු හොරණ දේවාලයට පැමිණ කපුවකු ලෙස වෙස්වලාගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට ද පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.

ඒ අනුව ඊයේ අලුයම එම දේවාලය වටලා අදාළ සැකකරු සහ දේවාලයේ සඟවා තිබූ හෙරොයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙම ජාවාරම්කරු රඳවා තබාගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන අතර ජාවාරම්කරුට අයත් දේපළ පිළිබඳව ද විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම ජාවාරම්කරු පොලිස් ඇසට වැලිගසමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් කාලයක් තිස්සේ සැඟවී සිටි අයකු බව පොලිසිය පවසයි.

වලාන දූෂණ මර්දන බළකායේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේන්‍ද්‍ර කුමාර මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු සහ වාද්දුව – සුමිත් ප්‍රේමතිලක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka