gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය’ යොහානිගේ අලුත් ගීතය නිසා යොහානිව බුකියේ පතුරු හරියි – ප්‍රවීණයොත් පහර දීමට එක්වෙයි (VIDEO)

ජනප්‍රිය ගායිකා යොහානිද සිල්වා විසින් ගීතයක් ගායනය කරන අතරතුර රැප් කිරීමේදී එකතු කරන ලද වචන කිහිපයක් හේතුවෙන් සංවාදයක් ඇතිවී තිබෙනවා.

‘සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය’ ඇය එහිදී ගීතය අතරමැද රැප් කිරීමක් සිදු කරයි.

සමාජ ජාල වල ඒ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇති වී තිබෙනවා.

ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන යොහානිගේ කෙල්ල ගැන දැනෙන හැඟෙන බොහෝ දේ ලියා තිබුණා.

‘යොහානී නැවත කරළියට පැමිණ තිබේ.ඇය දිග මදි ශිෂ්ණයක් පිළිබඳ ප්‍රශ්න කිරීම එකී සංවාදයට හේතුවයි.එය ෂුරුෂ මූලික ලිංගික මනෝභාවය සසල කරන්නකි. පුරුෂ නිමිත්තේ ප්‍රමාණය ස්ත්‍රී දෘෂ්ටිකෝණයෙන් ප්‍රශ්න කිරීම හෙජමොනික පුරුෂ සමාජය කිපෙන එකක් වීමේ අරුමයක් නැත. එය ද ඇය අසන්නේ අමුවට ය.. සාහිත්‍යමය ව්‍යංගයක් තිබුණේ වී නම් පුරුෂ සමාජය එතරම් කිපෙතැයි සිතිය නොහැකි ය. යොහානි ගයන ගීතවල එවැනි සාහිත්‍ය යටිපෙලක් සොයා යාමේ පලක් නැත. ලිඟුවේ ප්‍රමාණය සුරතාන්තයට බාධාවක් නැති බව වෛද්‍ය මතයයි.සැබෑ ලිංගික අවයවය මොළය මිස මතුපිට ලිංගික අවයව නොවේ. එය එසේ වුව ද අවයව වල බාහිර පෙනුමෙන් සහ හැඩයෙන් ලිංගික සැපතෙහි ප්‍රමාණය තීරණය වෙතැයි යන මතයක් සමාජයෙහි පවතී.යොහානී ගයන්නී ද එකී සමාජ මතය මිස “සැබෑව” නොවේ. රජී වසන්ත වෙල්ගම ලියූ,අරුණ ගුණවර්ධන සංගීතවත්කොට ඉන්දිකා උපමාලී ගැයූ “රෑ මැදියම මත් වූ තොටියෝ” ගීතය ද නිදි යහනේ ලිංගික තෘප්තිය අහිමි කාන්තාවකගේ ආත්ම ප්‍රකාශනය කැටි වූ ගීතයකි.

එය ඉහළ සාහිත්‍ය රසයකින් පොහොසත් කරන්නට ගීත රචකයා සමත්ව තිබේ. ඉක්මනින් සුරතාන්තයට පත්වන සැමියෙක් එම ගීතයේ දී අපට හමුවේ.ඉන් පීඩාවට පත්වන කාන්තාව ගීතයේ කථකයා ය.එහෙත් ඉන් පිරිමියා අගතියට පත් නොකොට ඔහු වෙත අතිශය දයාර්ද බැල්මක් හෙළීමට නිර්මාණ කරුවා සමත් වේ.එමගින් ඔහු මානව ජීවිතය තුළ ප්‍රේමය ම උත්කර්ෂයට නගයි. විද්‍යාත්මක ව කල්පනා කළ විට ද පිරිමින්ගේ ඉක්මන් සුරතාන්තය සත්‍යකි. එය සුව කරගත හැක්කකි. එහෙත් “රෑ මැදියම” ගීතය පිළිබඳ පිරිමි සමාජය එතරම් කලබලයට පත් නොවූයේ ඇයි ? ඒ අනෙකක් නිසා නොව නිර්මාණ කරුවා ඊට හෙළන මානුෂවාදී බැල්ම නිසා බව මම කල්පනා කරමි. යොහානිගේ ගීතය නිර්මාණයක් ලෙස අපට එවන් පරිපූර්ණ රසයක් ප්‍රධානය නොකරයි.දිගු ලිඟු නිදි යහනේ දී සාර්ථකය යන අදහසක් ඇගේ ගීතයෙන් ගම්‍ය වේ.එහෙත් එය නිරපේක්ෂ සත්‍යක් ද ? ලිඟුව දිග වූ පමණින් කාන්තාවකට සුරතාන්තය ලැබිය හැකි ය යන්න වැරදි අදහසකි.සුරතාන්තය සඳහා තව බොහෝ දේ අවශ්‍ය බව එය විඳි කාන්තාවෝ නොදනිත්ද ? කෙසේ නමුත් යොහානී නියෝජනය කරන සංගීත ශ්‍රාවකයා ද එවැනි බරපතල සමාජ කථිකාවක් ඇගෙන් අපේක්ෂා කරන්නේ යැයි ද මම නොසිතමි.’ 

කෙසේවෙතත් මේ ගීතය මේ වෙනකොට ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පවා තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka