gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මට ගෙදර වගේ නෙමෙයි... මෙතැන නින්ද යන්නෙ නැතිවෙයි... ඔයා නිදා ගන්න" - මධුසමයට ගිහින් මහ රෑ දෙල්තොට තරුණයා පැන ගියේ ශාරීරික දුබලතාවක් නිසයි - මනාලයා කියන කතාව මෙන්න

මහනුවර දෙල්තොට ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක්‌ අවසානයේ අලුත බැඳපු ජෝඩුව මධුසමය ගත කරන්නට ගියේ එම ප්‍රදේශයේම හෝටලයකටය. 

ඔවුන් ආදරයෙන් බැඳී දෙපාර්ශ්වයේ කැමැත්ත ඇතිව විවාහ ගිවිස ගෙන ඇත්තේ මීට වසර එකහමාරකට පෙරදීය. ඉතා චාම් විනීත ගති පැවතුම් ඇති මනාලයා තම බිරිඳ මලක්‌ මෙන් රැක බලා ගත්තේය. විසිතුන් හැවිරිදි තම ආදරණීය බිරිඳ කැඳවා ගෙන එන්නට ඔහු අලුතින්ම නිවසක්‌ද ඉදිකළේය.

කාලය කෙමෙන් ගෙවී යද්දී මනාලියගේ මෙන්ම මනාල පාර්ශ්වයද මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ජයටම සූදානම් කළෝය. "දැන් ඉතින් ඔය හිටියා මදැ. දෙන්නම වයසට යනවා. අපිට මුණුබුරෙක්‌ මිණිබිරියක්‌ බලන්න බැරිවෙයි ඔහොම හිටියොත්" දෙපාර්ශ්වයේ දෙමාපියන් එලෙස සඳහන් කළේ දෙදෙනාට පුංචි ලඡ්ජාවක්‌ද ඇති කරවමිනි.

දෙපැත්තේ පෙරැත්ත මැද්දේ ජාතික සමගිය සහජීවනයද ඔප්නැංවෙන අයුරින් දෙපාර්ශ්වයේම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මඟුල ජයටම පැවැත්විණි.

එදින කා බී විනෝද වූ නෑදැ හිතවතුන් උත්සව ශාලාවෙන් පිටව යද්දී සම්ප්‍රදායට ගරු කරමින් මේ මනාලිය හා මනාලය ද මධුසමය ගත කරන්නට ගියේ දෙල්තොට ප්‍රදේශයේ හෝටලයකටය. 

සිහින පොදි බැඳන් යුගදිවිය අරඹන්නට වරම් ලැබූ මේ යුවළගේ සිහින ලොව විනාශ වන්නට ගතවූයේ හෝරා කීපයකි. මංගල උත්සවය නිම වී හෝටලයට ගිය යුවළ කිසිදාක විවාහයෙන් දික්‌කසාද වන්නට නොසිතන්නට ඇත. 

මධුසමයට ගිය මේ යුවළ එදා මධුසමය ගත කළේ නැත. රාත්‍රී 10.30 වන තුරු නිදි ඇඳේ එහා මෙහා පෙරළෙමින් සිටි මනාලියට නින්ද ගියේ දවසේ වෙහෙස කර බව නිසාමය. "මට ගෙදර වගේ නෙමෙයි මෙතැන නින්ද යන්නෙ නැතිවෙයි. ඔයා නිදා ගන්න" යෑයි සැබෑ ආදරවන්තයකු සේ වදන් දෙඩූ තම ස්‌වාමියා මධුසමය ගත කිරීම පසෙක දමා අතුරුදන්ව ඇති බව තේරුම් ගියේ ඇය මහ රෑ අවදිව බලද්දියි.

ඇය අවදි වී තම ස්‌වාමියා කොහේදැයි හෝටලයේ තම කාමරය තුළත් නාන කාමර තුළත් සොයා බැලුවද ඔහු නොසිටියේය. ඇය කලබලයටත් බියටත් පත්ව තම දෙමාපියන්ට දුරකථන ඇමතුම් දී තම ස්‌වාමියා අතුරුදන් බව දැන්වීය. දෙමාපියෝද කලබලයට පත්ව තම පුතා, බෑණා සොයන්නට විය. අවසානයේ ඔවුන්ට පොලිසියේ සහයද ඉල්ලා සිටින්නට සිදුවිය.

අවසානයේ ඔහු දෙල්තොට මහ මඟ ඇවිද යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක්‌ අනුව ඔහු පොලිසියට කැඳවාගෙන ආවේය. මේ සිදුවීමෙන් පසු මනාලිය හා මනාලයාගේ පවුලේ අය අතර විවිධ මත භේද ගොඩනැගුණි. පුතා මානසික රෝගියකු බවත් එසේ තිබියදී එය වසන් කර තම දුව විවාහ කරගෙන ඇත්තේ වංචනිකව බවත් මනාලියගේ පාර්ශ්වයෙන් චෝදනා නැගුණි.

එසේ නම් මධුසමයට සූදානම්ව සිටි ඔහු මහ රෑ හෝටලයෙන් පැන ගත්තේ ඇයි? එසේ කිරීමට බලපෑ හේතු කවරේද? ඔහු මානසික ආබාධයකින් හෝ කිසියම් කම්පනයකින් පෙළෙන්නේද?

දැනට පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව ඔහු කිසියම් ශාරීරික දුබලතාවක්‌ හේතුවෙන් ඇති වූ කම්පනය නිසා මධුසමයදා, රාත්‍රියේ හෝටලයෙන් පැනගොස්‌ ඇති බව තහවුරු කරගෙන ඇත. කෙසේ වුවද මෙම සියලු කාරණා නිත්‍ය වශයෙන් තහවුරු කරගත හැක්‌කේ ඔහු වෛද්‍යවරයකු හමුවට පැමිණවීමෙන් පසුවය...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka