gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 07ක දැරියකට බරපතළ ලිංගික අතවර කළ අවුරුදු 15 සහ 16යේ පිරිමි ළමුන් දෙදෙනෙක් අත්අඩංගුවට!

ඇතිමලේ පොලිස් වසමට අයත් විලඔය 06 කණුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අවුරුදු 07යි මාස 02ක් වයසැති දැරියකට බරපතළ ලිංගික අතවර සිදුකළ පිරිමි ළමුන් දෙදෙනකු ඊයේ (14) ඇතිමලේ පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.

අතවරයට පත්වූ දැරියගේ මව කොළඹ කොට්ටාව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පිටවගොස් ඇති අතර අතවරයට පත්වූ දැරිය මිත්තණිය භාරයේ සිට ඇත.

ඇයගේ දියණියට ප්‍රදේශයේ පිරිමි ළමයකුගෙන් හිරිහැරයක්වී ඇති බවට ඇයගේ සහෝදරියක විසින් දුරකථනයෙන් දැනුම්දී ඇති අතර මව නිවසට පැමිණ දැරියගෙන් තොරතුරු විමසීමේදී 2023 ඔක්තෝබර් මාසයේ දිනක සිට අසල්වැසි පිරිමි ළමයකු විසින් දැරියට බරපතළ ලිංගික අතවර සිදුකළ බවටත් එම ප්‍රදේශයේම තවත් පිරිමි ළමයකුද 2024 ජනවාරි මස 13 වෙනි දින බරපතළ ලිංගික අතවර කළ බවත් පවසා ඇත.

සිද්ධිය පිළිබඳව මව විසින් ඇතිමලේ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දැරියට අතවර කළ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු පහළොවයි මාස හයක් වයසැති පාසල් ශිෂ්‍යයෙක් සහ අවුරුදු දහසයක් වයසැති පිරිමි ළමයකු පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.

අතවරයට පත්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

ඇතිලිමලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.(දිනමිණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka