දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ ජනවාරි මස දෙවන සතියේදී යාපනයට පැමිණෙන බව නිවේදනය කිරීමත් සමගම උතුරේ දකුණු ඉන්දීය සිනමා උන්මාදයෙන් පිරුණු පිරිස් මහත් සේ ප්‍රීතියට පත්ව සිටිති.
මෙම ජනප්‍රිය නළුවා දැක බලා ගැනීම සඳහාත් ඔහු සමග ඡායාරූප ගැනීම සඳහාත් අවස්ථාවක් ලබා ගැනීමට උතුරේ තරුණ පිරිස් ඔහුගේ සංචාරය පිළිබදව දැඩි අවධානයකින් පසුවෙති.
කෙසේ වෙතත් සුපිරි නළු විජේ යාපනයට පැමිණෙන දිනයේ යාපනය ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ ආරක්ෂව දැඩි කිරීමටත් ඔහු නතර වී සිටින ස්ථානවල ආරක්ෂාව දැඩි කිරීමටත් යාපනයේ ආරක්ෂක බලධාරීන් දැනටමත් පියවර ගෙන තිබේ.
තලපති විජේ යාපනයට පැමිණෙන්නේ ඔහුගේ මීලඟ චිත්‍රපටය වන ”Thalapathiy 68 ”නැමති කොලිවුඩ් නව චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙනි.
මෙම චිත්‍රපටයේ නිශ්පාදකවරයා ලෙස කල්පති එස්.අගෝරම් කටයුතු කරයි. යුවන් ශංකර් රාජා චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරයි.