gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නැවත වතාවක් සමාජ මාධ්‍ය අවුලවමින් මතු වූ, 'චිචී' සමඟ සිටින රටම දන්න 'ශුද්ධවන්තයා' කවුද?? 'කතා හදන අයට මෙන්න අවස්ථාවක්!

'රෝහිත රාජපක්ෂ' නොහොත් 'චිචී බේබී' කියන්නෙ ඒ සමයේ 'සමාජ මාධ්‍ය' තුළ අතිශය කතාබහට ලක්වුණු රාජපක්ෂ පවුලේ 'සුරදූතයා'... (ඉතින් ඔබට ඔහුව හඳුන්වා දීමට තවත් හේතු කරුණූ වුවමනා නැහැ...)

ඔහුගේ 'වීර වික්‍රම' අප්‍රාමණ සංඛ්‍යාවක් ඒ සමයේ 'මාධ්‍ය' වෙතින් 'හෙළි පෙහෙළි' වුණා ඔබට අමතක නැතුව ඇති.

විටෙක 'ගගනගාමියෙක්' ලෙසත්, තවත් විටෙක 'ගායකයෙක්' ලෙසත්, එපමණක් නොව, 'ක්‍රිකට් ක්‍රීඩකයෙක්' සහ 'පාපන්දු ක්‍රීඩකයෙක්' ලෙසත් ඔහු සිය 'දක්ෂතා' විදහා පාන්නට වුණා. (අමතක වුණා!! ඔහු විටෙක මෝටර් රථ ධාවන ශූරයෙක් ද වනවා!!)
   

ඒ සමයේ 'සමාජ මාධ්‍ය' අත්පත් කරගත්තා වුණත්, 'අරගලය' ක්‍රියාත්මක වූ 'බිහිසුණු සමයක' ඔහු 'මුනිවතින්' හිඳින්නට වුණා. (ඔහු ඒ සමයේ කිසිදු පළකිරීමක් හෝ සිදු නොකළ තරම්...)

නමුත් දැන් දැන් විටින් විට ඔහු සිය 'නැවත ආගමනය' වෙනුවෙන් 'පිඹුරුපත්' සකස් කරමින් ඉන්නවා.

මෑතක 'පාපන්දු ක්‍රීඩා' කරන සේයාරුවක් මෙන්ම, 'ක්‍රිකට් ක්‍රීඩා' කරන සේයාරුවක් ද ඔහු එක් කර ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.





එසේම 'සිංහලයා' වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී ඉන්නවා කියන, මහා උත්තම 'ඩෑන් ප්‍රියසාද්' මහතා ද 'චිචී' සමඟ පෙනී සිටින සේයාරුවක් ඔහුගේ මුහුණු පොතට එක් කර තිබුණා.

'කතා හදන අයට අවස්ථාවක් සහ රචනා ලියන අයටත් හොඳම අවස්ථාවක්' යනුවෙන් ද 'ඩෑන්' එහි සඳහන් කර තිබුණා.




'ඩෑන්'ගේ මෙම පළකිරීමත් සමඟ නැවත වතාවක් 'රාජපක්ෂ පවුලේ කෙරුම් සහ පුතුන්' ගැන සමාජ මාධ්‍යයේ නවතම කතාබහක් ඇතිවී තිබෙනවා.

'ඩෑන්' සිය 'දේශපාලනය' තුළ 'මහින්ද රාජපක්ෂ' දැඩි සේ අදහන්නෙක් වන අතර, ඒ සම්බන්ධ සේයාරූ පවා ඔහු සිය සමාජ මාධ්‍ය අවකාශය තුළ නිරන්තරයෙන් පළකරමින් ඉන්නවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka