gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 05ට අඩු දරුවන් ඉන්න අම්මලාට රට රස්සාවලට යන්න තහනම්!

අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් රැකියා සඳහා විදේශගතවීම වළක්වාලමින් නව නීති ගෙන ඒමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ සදහන් කළාය.

මීට පෙර එම වයස් සීමාව සඳහන් වූයේ, දෙකක් ලෙසිනි.

ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ ( 11) පැවැති ජනමාධ්‍ය හමුවකදී ඇමැතිවරිය මේ බව කියා පැවසුවාය.

කුඩා දරුවන් සිටින මව්වරුන් විදේශගතවීම ළමා අපචාර ඉහළ යෑමට හේතුවක් බව ඇමැතිවරිය එහිදී පෙන්වාදුන්නාය.

ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි හත්දහස් ගණනක් ලැබී තිබෙන බවත්, ඒවා පිළිබඳව සොයාබලමින් සිටින බවත්, ඇය සඳහන් කළාය.

අපචාරයට ලක්වූ දරුවන් සහ කාන්තාවන් අධිකරණයේ පෙනීසිටීමේදී අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් සම්බන්ධ කරගෙන අධිකරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇතැයිද ඇමැතිවරිය වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka