gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'එයා කාර් එකට ගියේ ඇයි? කවුරු හම්බවෙන්නද?': පෙම්වතා ඝාතනය කළා කියූ 'ලාංකීය වෛද්‍යවරිය'ගේ මරණය ගැන අලුත්ම සැකය

ලාංකික දන්ත වෛද්‍යවරියක්' ඝාතනය කෙරූ 'නෝර්වේ ජාතික පෙම්වතා' අත්අඩංගුවට ගත් පුවතක් පසුගිය දිනෙක විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. (ඒ පුවත ඔබටත් ඇහැ ගැටෙන්න ට ඇති...)

මෙම 'ඛේදජනක සිදුවීම' පිළිබඳව මේ වන විට තවත් තොරතුරු ගණනාවක් 'හෙළි පෙහෙළි' වී තිබෙනවා.

'වරදරාජන් රාඝවි' නම් 30 හැවිරිදි මෙම වෛද්‍යවරිය 'වෙඩි' තබා මෙම ඝාතනය සිදු කර තිබුණා.

ඇය මින් ඉහත තමන් 'ඉපැරණි පෙම්වතා'ගෙන් හිරිහැරයට ලක්වන බැව් කියමින් පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඇගේ ඝාතනයෙන් අනතුරුව 'පෙම්වතා' වෙත චෝදනා එල්ල වූ අතර, ඔහු කිහිප විටක් ම 'මානව හිමිකම්' උල්ලංඝනය කර තිබුණා.

කෙසේ වෙතත්, ඇයට 'ආරක්ෂාව' ලබා නොදීම සම්බන්ධයෙන් 'පොලිසිය' කණගාටුව පළ කර ඇති අතර, ඔවුන් මාධ්‍ය හමුවේ දී ඇය 'අනතුරු ඇඟවීමක් ඉල්ලා' සිටි බැව් ද පිළිගෙන තිබුණා.

මේ අතර, මිය ගිය 'වෛද්‍යවරියගේ දේහය' ඇගේ ඥාතීන් පිරිසක් විසින් මිහිදන් කොට ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

'වරදරාජන් රාඝවි' සිය සේවා ස්ථානය තුළ 'සන්තෝස' වූ තරුණියක් වූ අතර, ඇය 'විනෝදජනක' තැනැත්තියක් ලෙසත් සමීපතමයින් සඳහන් කර තිබුණා..

'ඇය ශක්තිමත් කෙනෙක්. විනෝදයට බර කෙනෙක්. ඇය අපේ පවුලේ හදවත වුණා. අපිට තේරෙන් නෑ ඇගේ අහිමි වීම ගැන කියන්න...' යනුවෙන් ඇයට සමීප 'ඥාතින්' තොරතුරු අනාවරණය කර තිබුණා.

පොලිසිය දැන් සැක පහළ කරන්නෙ 32 හැවිරිදි 'සැකකරුවා' ඇයව රෝහලෙන් පිටත 'මෝටර් රථය' තුළ ඝාතනය කරන්නට ඇති බවයි. (වාර්තා වූයේ නම් ඇය ව රෝහල අසළදී ඝාතනය කළා කියල යි...)

වෛද්‍යවරිය යමක් ගැනීමට 'මෝටර් රථය' වෙත පැමිණ ඇති අතර, එසේ ගිය ඇය නැවත පැමිණ තිබුණේ නැහැ.

ඇගේ සිරුර සොයාගන්නා විටත් වෙලාව 'අලුයම 1' පසුව තිබුණා.

පවුලේ පිරිස් සඳහන් කරන ආකාරයට 'රාඝවී' මෙම පෙම්වතා හා වසරකට පමණ පෙර සිට 'සබඳතා' පවත්වා තිබෙනවා.

ඇය සම්බන්ධතාවය නවතා ඇත්තෙ මසකට පමණ පෙර යි.

'විත්තිකරුට' දීර්ඝ අපරාධ ඉතිහාසයක් ඇති බවත් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඔහු තවත් 'හිටපු පෙම්වතියක'ට ද මෙසේ හිරිහැර සහ තර්ජන සිදු කර තිබුණා.

'තමුන් මේ කරපු දේට තමුන්ට මැරෙන්න සිද්ධ වෙයි!' යනුවෙන් ඒ 'කාන්තාව' වෙත ඔහු 'කෙටි පණිවුඩ' පවා යොමු කර ඇති බැව් සඳහන්.

කෙසේ වෙතත්, 'රාඝවී'ගේ මරණය වෙනුවෙන් 'පොලිසියට' සෘජුව ම ඇඟිල්ල දිගු කරන 'නීතිඥ මහතෙකු' සඳහන් කරන්නෙ 'තරුණියට' සාධාරණය ඉටු වන තුරු විමසිල්ලෙන් බලා සිටින බවයි.

විදෙස් මාධ්‍ය ඇසුරිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka