gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහනුවර රෝහලේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන කාමරය රහසේ වීඩියෝ කළ රෝහල් සේවකයාට වෙච්ච දේ!

මහනුවර මහ රෝහලේ තරුණ වෛද්‍යවරියන්ගේ අඩ නිරුවත රූගත කළේ යැයි චෝදනා ලත් සෞඛ්‍ය කාර්ය  සහායකවරයෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

මහනුවර රෝහලේ උගුර, කණ හා නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරනා කුඩා කුටියක ඉතා සූක්‍ෂම ආකාරයෙන් නවීන ජංගම දුරකථනයක් සඟවා මෙම වීඩියෝ රූගත කිරීම සිදුකොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසියේ කාන්ත හා ළමා කාර්යාංශය සිදුකළ විමර්ශනයෙන් පසු හෙළිව ඇත.

මෙම සෞඛ්‍ය කාර්ය සහායකවරයාද උගුර , කණ, නාසය  පිළිබඳ ශල්‍ය ඒකකයේ සේවය කරන්නෙක් බව  සඳහන් වන අතර ඉකුත් 12 දා මෙම ස්ථානයේ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියක ඉතාමත් සූක්ෂම ලෙස රඳවා තබා ඇති මෙම ජංගම දුරකථනය දැක ඒ පිළිබඳව අනෙකුත් වෛද්‍යවරුන් දැනුවත් කොට මහනුවර මූලස්ථාන පොලිසිය වෙත  පැමිණිලි කොට  දුරකථනය භාරදීමට පියවර ගෙන තිබේ.

මෙම දුරකථනයේ වීඩියෝ පරික්ෂා කළ පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිවී ඇත්තේ මෙම දුරකථනය භාවිතා කොට කලෙක සිට වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරනා ආකාරය රහසිගතව රූගත කොට ඇති බවය.

විමර්ශනයකින් අනතුරුව දුරකථනය හිමිකරු වූ සෞඛ්‍ය කාර්ය සහයකවරයා අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මූලස්ථාන පොලිසියේ  කාන්තා හා ළමා කාර්යාංශය පියවර ගෙන ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka