gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රායලයේ උණ්ඩයකින් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා මිය යයි - කලාපීය අර්බුදයක් ගැන රතු එළි!

ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස සැළකෙන සලේ අල් අරූරි මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ලෙබනනයේ බෙයිරුට් අගනුවර පිහිටි නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බවයි.

ඔක්තෝබර් 07 වනදායින් අනතුරුව ආරම්භ වූ ඊශ්‍රායල හමාස් යුද්ධයේදී මිය ගිය හමාස් සංවිධානයේ ජේ්‍යෂ්ඨතම සාමාජිකයා සලේ අල් අරූරි බවයි වාර්තා වන්නේ.

අදාළ ප්‍රහාරයෙන් ඔහුත් සමග හමාස් සංවිධානයේ අණ දෙන නිලධාරින් දෙදෙනෙකු ඇතුළු තවත් සිව්දෙනෙකු ද මියගොස් තිබෙනවා.

සිද්ධයත් සමග පාර්ශව කිහිපයකින් චෝදනා එල්ල වනවා. ලෙබනනය පවසන්නේ සිය රට වෙත ප්‍රහාර එල්ල එල්ල කරමින් ඊශ්‍රායලය උත්සහ කරන්නේ ගාසා යුධ ගැටුම්වලට සිය රට ද ඈඳා ගැනීමට බවයි.

මේ අතර හිස්බුල්ලා සංවිධානය ද ලෙබනනයට එල්ල වුණු ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

එම සංවිධානය පවසන්නේ මෙම සිද්ධිය ලෙබනනයේ ස්වෛරීත්වයට එල්ල වුණු ප්‍රහාරයක් බවයි.

ඒ සඳහා ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව හිස්බුල්ලා සංවිධානය පැවසුවා.

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස සැළකෙන සලේ අල් අරූරි හිස්බුල්ලා සංවිධානය සමග ද සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka