අශාන්‍යා ප්‍රේමදාස කියන්නෙ තාමත් පොඩි වයසක පසුවන නමුත් මහත් ආකර්ෂණයක් ලබන තාරකාවක්.
ඇගේ වේදිකා ආමන්ත්‍රණය හරි අපූරු එකක්.
ඒ නිසාම අශාන්‍යා වටා එකතුව ඉන්න රසික පිරිස අති මහත්.
ඈ තමන්ගේම නිර්මාණ එක්ක ඉස්සරහට යන තාරකාවක් කිව්වොත් හරි.
''මම දැනට ගීත තුනක් එළිදක්වා තියෙනව.
මේ ගීත තුනටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා වගේම දැනට සති තුනකට කළින් ‘දැන දැන...' නමින් එළිදැක් වූ ගීතය ට්‍රෙන්ඩින් වුණා...''
අශාන්‍යා වඩාත් කතාබහට ලක්වන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ...
''මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් තවම ගත වුණේ අවුරුද්දක කාලයක්.
ඒ කාලය ඇතුළත මම ලොකු දුරක් ආවා.
ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි.
හිතුවෙ නැහැ කෙටි කලක් තුළ මෙපමණ දුරක් එන්න ලැබෙයි කියල.
ඒ වගේම තවත් ගොඩක් දුර යන්න තියෙනව..''
ඈ දක්ෂ සංගීතයට විතරක් ම නම් නෙවෙයි...
''මම ගීත ගායනයට යොමු වෙන්නෙ අවුරුදු පහේදී.
ඒ කතාලේ පටන්ම පවුලේ අය මට ලොකු සහයෝගයක් ලබා දෙනව.
මගේ අම්මා තමයි මාව මියුසික් වොයිස් ට්‍රේනින්ග් සඳහා යොමු කළේ.
මගේ කැමැත්ත ආසාව වෙනුවෙන් එයාල පුළුවන් හැම සහයෝගයක්ම එදා පටන් අද දක්වාම මට ලබා දෙනවා.
''මගේ මූලික අරමුණ වුණේ ගායිකාවක් වීම.
ඊට අමතරව ගෝකාටින්වලට මම දැනටමත් යොමු වෙලා ඉන්නවා.
ඒෂියා පැසිපික් චැම්පියන්ෂිප් තරගයට සහභාගි වෙන්න අපි මැලේසියාවට ගියා.
ලංකාව වෙනුවන් මම ඒ තරගයට ඉදිරිපත් වුණා.''
තරුවක් වුණාම ඊළඟට කතාබහට ලක්වන ප්‍රධානම දේ තමයි තෝරාගන්නා විලාසිතා. අශාන්‍යා කියන්නෙත් සෑහෙන්න ආකර්ෂණීය විලාසිතා තෝරාගන්නා කෙනෙක්.
''අපේ අම්මා කියන්නෙ පොඩිකාලේ ඉඳන්ම මම ගොඩක් ෆැෂනබල් කියල.
ඇඳුමක් මගේ ඇඟට හැඩට තියෙනවනම් මගේ අම්මා සහ තාත්තාගෙන් ඒකට විරුද්ධත්වයක් නැතිනම් මම ඒක අඳිනව.''
''මාව දැකල නැති බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ මම හරිම උස මහත කෙනෙක් කියල.
ඉතිං දකින අය මුලින්ම කියන්නෙ අපි හිතුවෙ නැහැ ඔයා මේ තරම් පොඩියි කියල කියලයි.
ඊට අමතරව මගේ මියුසික්වලට කැමති කියල වගේම මග වෝකල් ටොන් එකට කැමතියි කියලත් ගොඩක් දෙනෙක් කියනව.''
(උපුටාගැනීම් මීවිත - මහේෂ් එදිරිසිංහ)