gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැලිකඩ ජේලර්ගේ දිවි තොර කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු “වෑල්ඩින් රුවන් ” අල්ලයි

වැලිකඩ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධ හා මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන ගෝලයා වන වෑල්ඩින් රුවන් අයිස් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගත් බව එම බලකාය කියයි.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත  මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායම සමග ඒකාබද්ධව 2023.12.14 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ නො 272, දුම් කොළ නිවාස, ගලගොඩවත්ත, කුලීගොඩ දී වැටලීමක් සිදුකර  ඇත.

එහි දී අයිස් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 590 ක් සහ තියුණු ආයුධ සන්තකයේ තබාගෙන සිටි ගලගොඩවත්ත, කුලීගොඩ ප්‍රාද්ශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම සැකකරු දැනට විදේශ ගතව සැඟවී සිට සංවිධානාත්මක අපරාධ, පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සෝබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා ගේ ප්‍ර‍ධාන ගෝලයකු වන ගරුමුණි ආරච්චිලාගේ රුවන් ධනුෂ්ක ද සිල්වා නොහොත් වෑල්ඩින් රුවන් යන අය බවත් පසුගිය දිනයකදී මෙම පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත්, එම නඩුවෙන් දැනට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවටත් තොරතුරු අණාවරණය විය.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.කේ.අයි. ඉලුක්කුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායම සමග ඒකාබද්ධව 2023.12.14 වන දින මෙම  වැටලීම සිදුකර  ඇත.

(අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka