gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියැලිටි ගායකයාගේ ගිණුමට රිංගූ සහෝදරියන් තිදෙනා කෝටි 3කට විදලා!

පෞද්ගලික දුරකතන සමා­ග­ම­කට ව්‍යාජ ලේඛන ඉදි­රි­පත් කර ලබා­ගත් සිම්පත් මඟින් රියැ­ලිටි වැඩ­ස­ට­හ­නක ගාය­ක­ය­කුගේ බැංකු ගිණු­මට අන්ත­ර්ජාල­යෙන් අයුතු ලෙස ඇතුළු වී රුපි­යල් ලක්ෂ 50ක මුදල් සොරා ගැනී­මක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ කොට්ඨා­සය මඟින් අත්අ­ඩං­ගු­වට ගත් එකම පවුලේ සහෝ­ද­රි­යන් දෙදෙ­නකු ඇතුළු තිදෙ­නකු කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­ය­කට ඉදි­රි­පත් කර­මින් ඔවුන් එවැ­නිම ආකා­ර­යෙන් රුපි­යල් කෝටි 03කට අධික මුද­ලක් රෝගීන් 11 දෙන­කු­ගෙන් වංචා කර ඇතැයි කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදි­රියේ ඊයේ (07) කරුණු වාර්තා කළේය.

මෙම සැක­ක­රු­වන් පැමි­ණි­ල්ලට අදාළ ගාය­ක­යාගේ ගිණු­මෙන් මුදල් ලබා­ගෙන ඒවා විවිධ බැංකු ගිණු­ම්ව­ලට සහ ෆිනෑන්ස් සමා­ග­ම්ව­ලට යොමු කර ඇති අතර රුපි­යල් ලක්ෂ දෙක­කට ආසන්න මුද­ලක් විය­දම් කර ඇපල් වර්ගයේ ජංගම දුර­ක­තන පවා ලබා­ගෙන ඇති බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

මීට අමතරව පිළිකා රෝගීන් මෙන්ම ලියු­කේ­මියා රෝගීන්ට සැත්කම් සඳහා මුදල් ඉල්ලා මුහු­ණු­පොතේ ඇති දැන්වීම් රාශි­ය­කට දුර­ක­ත­න­යෙන් ඇම­තුම් ලබා­ගෙන ඇති මොවුන් මේ ආකා­ර­යෙන් රුපි­යල් කෝටි තුන­කට අධික මුද­ලක් වංච­නි­කව සොරා­ගෙන ඇති බවත් ඔවුන් එම මුදල් විය­දම් කළ ආකා­ර­යක් මෙතෙක් සොයා­ගත නොහැකි වී ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට ප්‍රකාශ කළේය.පළමු සැක­කරු සහ සැක­කා­රි­යන් දෙදෙනා ඔවුන්ගේ බාල­ව­ය­ස්කාර දරු­වන් ද රැගෙන පෞද්ග­ලික දුර­ක­තන සමා­ග­මට ගොස් මෙම වංචාව කිහිප වතා­වක්ම සිදු කර ඇත්තේ ව්‍යාජව සක­සා­ගත් ලිපි ශීර්ෂ ද ඇතැ­තිව බවත් ඒ සඳහා ඔවුන්ගේ මව ද ඔවුන් සමඟ ගොස් වර­දට ආධාර අනු­බල දී ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කළේය.

මෙහි ප්‍රධාන සැක­කරු ස්ත්‍රී දූෂණ ඇතුළු කොල්ල­කෑම් රැස­කට අදා­ළව පව­තින නඩු 25කට අධික ප්‍රමා­ණ­යක් ඇති බව සඳ­හන් කළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මෙවුන් රෝගීන් 11 දෙන­කු­ගෙන් මෙවැනි ආකා­ර­යෙන් අන්ත­ර්ජාල මුදල් කොල්ල­කෑම් සිදු කර ඇති බවට අනා­ව­ර­ණය වී ඇතැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු සඳ­හන් කළේය.

සැක­ක­රු­වන් වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීති­ඥ­ව­රයා සඳ­හන් කර සිටියේ තම සේවා­දා­ය­ක­යන් නිවැ­ර­දි­ක­රු­වන් බවය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රු­වන් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට නියෝග කර­මින් එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණ­සිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka