දේශීය වෙළදපොලේ භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
රුපියල් 45 කට වඩා අඩු මිලකට පැවති බිත්තරයක මිල, මේ වන විට රුපියල් 55 ත් 65 අතර අගයකට ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ලොකු ළූණු කිලෝවක මිල මේ වන විට රුපියල් 440 කි.
කුකුළුමස් මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.