gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ඒ මගේ මූවීස්වල සීන් වගයක්... මගේ මහත්තයත් ගොඩක් කළකිරුණා මේ ප්‍රශ්නෙන් - 18+ සිනමාවේ 'සරාගීනිය' වීඩියෝවකින් ඇවිත් දුක කියයි!

'සුමනා ගෝමස්' කියන්නෙ එදා 18ට වැඩි 'සිනමාවේ' ආන්දෝලනාත්මක චරිත නිරූපණයක යෙදුනු ශිල්පිනියක්.

'උඩුකය නිරුවත්ව' රඟපෑ ඇ‌ගේ 'ඡායාරූප' පවා ඒ සමයේ 'අසැබි සඟරා'වල මුල් පිට පළවන්නට වුණා. ඉන් එහා ඈට 'වසඟ' වුණු තරුණයින් ද හිටියා. (ඇය කියන විදිහට ඈට ගොඩක් ම ආකර්ශනය වෙලා තියෙන්නෙ හමුදාවේ කොල්ලො....)

'කාම සූත්‍ර', 'උණුසුම් රාත්‍රීයක්' වැනි චිත්‍රපටවල ඇය නිරූපණය කෙරූ 'සරාගී රැඟුම්' ඒ සමයේ ප්‍රේක්ෂකයින් 'දෙතුන් වර' නරඹන්නට තරම් ආකර්ශනීය ඝනයේ 'ඒවා' වුණා.

ඒ නමුත් 'කාලයාගේ අවෑමෙන්' ඇය අස්ථානගත වෙනවා. ඈ අමරිකාවේ ස්ථිර පදිංචියට ගියා කියලත්, 'සුදු ජාතිකයෙක්' හා විවාහ වුණු කියලත් දැන කියා ගන්නට ලැබුණා.

'සුමනා ගෝමස්' ඇගේ ම 'යූටියුබ්' නාලිකාවක් හරහා ප්‍රේක්ෂකයින් වෙත සමීප වුණත් ඇයට ඒ නාලිකාව ද අහිමි වනවා.

ඒ ගැන කියමින් මෑතක ඈ වීඩියෝවකුත් පළ කර තිබුණා.

'මම යූටියුබ් චැනල් එකක් පටන් ගත්තෙ 2014දී. ඒක හොඳට ක්‍රියාත්මක වෙනකොට මගේ මූවීස් වල සීන්ස් වගයක් සුනිල් ටී. ගේ අවසර අරන් දැම්මා. ඒකට ගොඩක් විවුස් තිබ්බා. ඒකට කවුරු හරි ඔබ්ජක්ෂන් එකක් දාලා තිබුණා. ඒකෙන් මගේ චැනල් එක නැවතුණා. ඉතින් මගේ මහත්තයත් හරි ඩිසපොයින්ට් වුණා මේ ප්‍රශ්නෙන්. මෙච්චර දියුණු ශතවර්ෂයකත් මිනිස්සු කොයි තරම් කුහකයිද? ඉරිසියයිද? මම සල්ලි හම්බ කරන්න නෙවෙයි කළේ. හොබි එකක් වශයෙන්....'

'ඔිගොල්ලො සමහර විට මං ගැන දන්නෙත් නැතුව ඇති. සුමනා ගෝමස් රඟපානකොට ඔිගොල්ලෝ දන්නෙත් නැතුව ඇති. මම කරු ණාවෙන් ඔයාලට අවවාදයක් දෙන්නම්. තමන්ගේ ඇහින් නොදැක කනින් අහන් නැතුව දෙයක් අහන්න කරන්න පුරුදු වෙන්න එපා! එහෙම කරන එක පවු... මම තිරය ඉදිරියේ චරිතය මොන විදිහට රඟපෑවත් ඒක පිටුපස මම සාමාන්‍ය ගැහැනියක්. මම පන්සල් යනවා. මම බෞද්ධ කාන්තාවක්. මම බුද්ධාගමට ගොඩක් ලැදියි...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka