යුක්‍රේන රජයේ සටන් පෙරමුණේ විදෙස් භට කණ්ඩායම්වලට නායකත්වය දෙමින් යුක්‍රේන සන්නද්ධ හමුදා ජාත්‍යන්තර ලීගයේ පළමුවැනි විශේෂ බළකා අණදෙන නිලධාරී ලෙස සේවය කරමින් සිටියදී රුසියානු ප්‍රහාර හමුවේ මියගිය රනීෂ් හේවගේ නිලධාරියාගේ සිරුර මුදාගෙන තිබේ.
පෙරේදා (06) දිනෙය් දී එම සිරුර මුදාගත් බවට යුක්‍රේන ජාත්‍යන්තර ලීගයේ නිලධාරියෙක් පවසා ඇත.
සටන් පෙරමුණේ දී කාලතුවක්කු ප්‍රහාරයට ලක් වූ රනීෂ් හේවගේ නිලධාරියා කිලෝමීටර් 15ක් පමණ දුරට රැගෙන විත් ඇත්තේ ඔහුගේ දෙවැනියා වූ මෙරට කමාන්ඩෝ බළකායේ සිට යුක්‍රේන හමුදා සේවයට එක්වූ කෝප්‍රල් එල්. කේ. හතුරුසිංහ විසිනි.
ඊයේ දිනයේ දී යුක්‍රේන හමුදා භටකණ්ඩායම් කිලෝමීටර් අටක පමණ දුරක් ගොස් කපිතාන් රනීෂ් හේවගේ නිලධාරියාගේ සිරුර නිරුපද්‍රිතව රැගෙන විත් තිබේ.
මෙම ප්‍රහාරයේ දී මියගිය බව කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙටි ඔෂියර් තනතුරේ සේවය කර ඉවත්ව ගොස් යුක්‍රේන රජයේ හමුදාවට එක්වූ එම්. එම්.ප්‍රියන්තගේ සහ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සේවය කර ඉවත් වී ගිය රොඩ්නි ජයසිංහගේ මළ සිරුරු ඊයේ වනතුරු රැගෙන ඒමට නොහැකි වී ඇත.
යුක්‍රේන් හමුදාවේ ජාත්‍යන්තර ලීගයේ ඇමරිකානු, කැනඩා ඇතුළු විදෙස් භටපිරිස්වලට නායකත්වය දුන් කපිතාන් රනීෂ් හේවගේගේ අවසන් කටයුතු යුක්‍රේන රජයේ හමුදා ගෞරවය සහිතව සිදුකිරීමට සැලසුම් කර ඇතැයිද එරට නිලධාරියෙ ක් සඳහන් කළේය.
රුසියාව හා යුක්‍රේනය අතර යුද ගැටුම් ඇරඹීමත් සමග යුක්‍රේන ජනපතිවරයා විදෙස් රටවල සොල්දාදුවන්ට කළ විවෘත ආරාධනයෙන් පසුව රනීෂ් පසුගිය වසරේ මාර්තු මාසයේදී එරට හමුදාවට එක්වී ඇත.
කපිතාන් රනීෂ් හේවගේ සෙබළකු ලෙස යුක්‍රේන හමුදාවේ ජාත්‍යන්තර ලීගයට එක් වී සටන් පෙරමුණේ දී නව වතාවක්ම තුවාල සිදුව ඇති අතර යුද පෙරමුණේ දී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් එරට ජනපති විසින් හෙතෙම අධිකාරියට පත්කර පළමුවැනි විශේෂ බළකා අණදෙන නිලධාරී ලෙස සේවයේ යොදවා ඇත.
කාලතුවක්කු හා වෙඩි උණ්ඩ ඔහුගේ පපුවේ, හිසෙහි හා සිරුරේ තැනින් තැන තිබී ඇත.
ඔහු එරට ජනපති අතින් සම්මාන පහක් ලබාගත් අයකු බවද යුක්‍රේන ජාත්‍යන්තර ලීගයේ සාමාජිකයෙක් පැවසීය.