gossip lanka

ශ‍්‍රී ලන්කන් යානයක් ගුවනේදී කැඩේ… වහාම ගොඩබායි!

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී මඳ වේලාවකට පසු කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ආපසු කටුනායක ගුවන්තොටට ගොඩ බැස්සවීමට කටයුතු කර ඇත.

මඟීන් 201ක් සමග ගමන් කරමින් තිබූ යානය ගුවන් ගතවී විනාඩි දහයකට පසු කාර්මික දෝෂයක් ලක්වීම හේතුවෙන් ගුවන්යානයේ නියමුවන් නැවතත් ගුවන්තොටුපළට ගොඩබස්සවා ඇත.

යානය අලුත්වැඩියාවට විදේශ රටකට ගොස් යාමේදී විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙන නිසා ආපසු කටුනායකට හරවා ඒමට කටයුතු කර ඇත.

මේ වන විට යානය කටුනායක ගුවන්තොටුපළේ අංගනයේ අලුත් වැඩියා කරමින් තිබේ.

යානයේ සිටි මගින් වෙනත් ගුවන් යානාවලින් තම ගමනාන්ත වෙත පිටත් කර යැවීමට කටයුතු කර ඇත.
gossip lanka