gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිහින කුමරුන්ගේ සිහින සැබෑවෙනවා අඩුයි! 'ජනපති සිහිනය' වෙනුවෙන් 'රොෂාන් රණසිංහ' කළ සටන එළියට? 'එතුමා පාරේ මැරුණොත් අපි වගකියන් නෑ...

රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා කාලයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වාව හොර රහසේ හමුවූ බව ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකු වන සුදත් චන්ද‍්‍රසේකර පසුගිය දිනෙක හෙළිදරවු කළා.

ඉතා රහසිගතව රාත්‍රී කාලයේ දී මෙම හමුව සංවිධානය කර දුන්නේ රොෂාන් රණසිංහගේ ඉල්ලීමක් මත බවත් ඔහු සඳහන් කළා.

'සුදත් චන්ද්‍රසේකර' මෙම අදහස් පළ කළේ 'අරුණ' පුවත්පත හා සාකච්ඡාවකට එක්වෙමිනු යි.

රොෂාන් රණසිංහ' සමාජයට මවා පාන අයුරින් 'අවංක දේශපාලනඥයෙකු' නොවන බැව් ද 'සුදත් චන්ද්‍රසේකර' එම සාකච්ඡාවේ දී සඳහන් කර තිබුණා.

'එතුමා පාර්ලිමේන්තුවේ කියන කතාවලින් සම්පූර්ණ සමාජයම නොමඟ යවනවා. එතුමා සමාජයට මතයක් බිහි කළා අවංක දේශපාලඥයෙක් කියලා. 'මං සුදනා' කියලා....'

'එතුමා වාහන 4ක් 5ක් පාවිච්චි කරනවා. බිරිඳට එකයි, එතුමාට දෙකයි, මල්ලිට එකයි, මල්ලිගේ පුතාට එකයි. ඒවාට ඉන්ධන ගහන්නේ අමාත්‍යංශයෙන්... එතුමගේ නිල වාහනයට එතුමාමයි ඉන්ධන ගහගන්නෙ... පඩි ගන් නෑ කියලා පාර්ලිමේන්තුවේ කියන ගමන් කරන ඒවා තමයි මේ.. නිල නොවන ගමන් තමයි විදෙස්ගත වෙලා ගියේ...'

තමන්ට 'ජීවිත තර්ජන' ඇති බවට‌ හිටපු අමාත්‍යවරයා කියූ කතාව සම්බන්ධයෙනුත් 'සුදත් චන්ද්‍රසේකර' අදහස් පළ කර තිබුණා.

'දැන් ඔය කියන්නෙ ජීවිත තර්ජන තියනවා කියලා. ඉල්ලීම් කරලත් තිබුණේ. එතුමා තමන්ගේ ආරක්ෂක නිලධාරිනුත් දේශපාලනයට පාවිච්චි කරනවා. ඒවා කර කර ආරක්ෂාව නෑ කියනවා...'

රොෂාන් රණසිංහ ජනපති සිහින දකිනවද?

'ජනාධිපති වෙනවා කියන්නෙ සිහිනනේ ඉතින් කට්ටියගේ. සිහින කුමරුනේ. සිහින කුමරුන්ගේ සිහින සැබෑ වෙනවා හරි අඩුයි. ලලිත් ඇතුලත්මුදලිලාත්, ගාමිණි දිසානායකලත් පක්ෂ හදාගෙන ගියා. අවසානයේ මොකද්ද වුණේ. පාරේ මැරුණා. දැන් මෙතුමා පාරේ මැරුණොත් කියන්න එපා, ඒකත් අපි මැරුවා කියන්න එපා. ඒකත් කියන්න බැරිකමක් නෑ‍...'

'ඔින කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න නම් ලොක්කට ගහන්න ඔිනි. නිකන් මනුස්සයෙක්ට ගහලා වැඩක් නෑ.... ඒ වුණාට උඩට ආවට බැලුමක් උඩට ආවා වගේ තමයි..'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka