gossip lanka

නිවුන් දරුවන් බිහිකර වේදනාව ඉවසනු බැරිව නිවසින් අතුරුදන්ව සිටි මව දිවිනසාගෙන - සිරුර වෙරළින් හමුවේ!

ගාල්ල අහුන්ගල්ලේ මවක ඇගේ කුලුඳුල් නිවුන් දරුවන් දෙදෙනා ප්‍රසූත කර දින නවයකින් පසු ලිපියක් ලියා තබා නිවසින් පළාගොස් තිබූ අතර ලද පැමිණිලි මත අහුන්ගල්ල පොලිසිය ඇයව සොයමින් සිටියදී ඇය මුහුදට පැන මියගොස් ඇති බව ඊයේ සවස සොයාගෙන තිබේ. මළ සිරුර ඊයේ බලපිටිය, මංකඩ වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවිය.

සිය භාර්යාව නිවුන් දෙදෙනා ප්‍රසූත කර දින නවයකින් පසු නිවසින් ගොස් ඇති බවත් ඇය නිවසින් යන බව පවසා ලියූ ලිපියත් සමග ඇයගේ සැමියා පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කර තිබුණි.

විසිනව හැවිරිදි මේ මවට දරුඵල ප්‍රමාදයක් පැවතී ඇති අතර විවාහ වී වසර හයකට පමණ පසුව මේ කුලුඳුල් නිවුන් දරු ප්‍රසුතිය බලපිටිය මූලික රෝහලේදී මීට දින නවයකට පමණ පෙර සිදුකර තිබුණි.
දරුවන් දෙදෙනා බිහිකළ පසුව ඇතිවූ සංකූළතාවක් නිසා ඇය දින කිහිපයක්ම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව නිවසට පැමිණ ඇත.

එසේ නිවසට පැමිණ ඇය 18 දා රාත්‍රි එකොළහෙන් පසුව නිවසේ දක්නට නොලැබුණු බැවින් සොයා බැලීමේදී
“මට වේදනාව ඉවසන්න බැහැ. මං ගෙදරින් යනවා. දරුවන් දෙදෙනා රැකබලා ගන්න“ යැයි කියා ලියූ ලිපියක් ඇයගේ සැමියාට හමුවී තිබේ.

ඇය නිවසින් යන විටදී සිය ජංගම දුරකතනය ඇතුළුව වෙනත් බාහිර භාණ්ඩ කිසිවක් ගෙන ගොස් නැති අතර රැගෙන ගොස් ඇත්තේ දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් දුන් ඖෂධ පමණකි.
ඇය සොයා පොලිස් විමර්ශනයක් ක්‍රීයාත්මක වූයේ ඉන් පසුවයි.

ඇයගේ මහගෙදර ඇතුළු ඇය යන්නට ඇතැයි සැක කෙරෙන ස්ථාන කිහිපයක් පිළිබඳව දුරකතන ඇමතුම් මගින් සොයා බැලුවත් එම ස්ථාන කිසිවක ඇය නැති බව පොලිසියට අනාවරණය විය. මේ අතර මුහුදට පැන මියගොස් තිබූ කාන්තාවකගේ සිරුරක් ඊයේ සවස සොයාගෙන තිබේ. මළ සිරුර ඊයේ බලපිටිය, මංකඩ වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවූ අතර 29 හැවිරිදි බිරියගේ මළ සිරුර බව සැමියා හඳුනාගත්තේය.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙයි.
මවගේ මරණින් පසු දින නවයක් වන නිවුන් පිරිමි දරුවන් දෙදෙනා රැකබලා ගැනීම සහ ආහාර දීම දරුවන් දෙදෙනාගේ පියාට දැඩි අසීරු කාර්යයක් වී ඇති බවද වාර්තා විය.
gossip lanka