gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ අයියාව, මල්ලි මරා දින 3ක් පුළුස්සලා!

තම බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ වැඩිමහල් සොහොයුරාට පහරදී ඝාතනය කර එම සිරුර දින තුනක් පුරා පෙට්‍රල් දමා පුළුස්සා අළු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් මස 1 වනදා අකුරැස්ස පොලීසිය විසින් එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සිරුර පුළුස්සා අළු බවට පත්කර පසුව එම අළු වූ ශරීර කොටස් මල්ලක දමා ඔයකට විසිකර ඇතැයි ද පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අකුරැස්ස, හේනේගම, බලපාත, උඩුගමවත්ත හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු සිය බිරිඳ සමග දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ වාසය කර ඇති අතර, ඔහු කුරුඳු තැලීමේ නිරතව සිටි අයෙකි.

ඔහුගේ බාල සහෝදරයා ද එම රැකියාවම සිදුකර ඇත.

පසුගිය ඔක්තෝබර් මස 28 වනදා තම සැමියා අකුරැස්සේ සිට දෙහිඅත්තකණ්ඩිය පිහිටි තම නිවසට පැමිණෙන බව කීවත් ඔහු ගැන මාසයක් මුළුල්ලේ කිසිදු තොරතුරක් නොමැති බවට මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් අකුරැස්ස පොලීසියට පසුගිය 27 වනදා පැමිණිලි කර තිබුණි.

එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර අදාළ පුද්ගලයාගේ මියයෑම සම්බන්ධයෙන් ඔහුගේ බාල සහෝදරයා වූ 58 හැවිරිදි අයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සහෝදරයාව ඝාතනය කළ අයුරු පාපොච්චාරණය කර ඇත.

වැඩිමහල් සහෝදරයා ඔක්තෝබර් 28 වනදා රාත්‍රීයේ පිටව ගොස් ඇති බවත් නිවසට මීටර් 50ක් පමණ පහළ ස්ථානයක දී ඔහුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර බවත් සැකකරු පොලීසියට පවසා තිබේ.

පසුව ඝාතනයට ලක්වූ සහෝදරයාගේ සිරුර කැළයට රැගෙන ගොස් පෙට්‍රල් දමා පුළුස්සා ශරීර කොටස් මුළුමනින්ම දහනය කර දින තුනක් පුරා මුළු ශරීරයම පුළුස්සා ඇතැයි ද සැකකරු අනාවරණය කර ඇත.

සැකකරුගේ බිරිඳ මීට වසර දෙකකට පෙර දියේ ගිලී මියගොස් ඇති අතර, ඇය මියයෑමට පෙර ඝාතනයට ලක්වු වැඩිමහල් සහෝදරයා සමග අනියම් ඇසුරක් පවත්වා ඇතැයි ද ඒ වෛරය නිසාම ඔහු මෙලෙස ඝාතනය කළ බව ද  සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka