gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අනේ අම්මා, තාත්තාට නම් කියන්න එපා වඳින්නම්!” – පෙම්වතියව මාසයක් තිස්සේ හොර රහසේම නිවසේ ඇඳක් යට හංඟන් හිටපු කොල්ලා ඔක්කොම වමාරයි

පෙම්වතිය බව කියන 22 හැවිරිදි තරුණියක් දාසය හැවිරිදි පාසල් සිසුවෙකු විසින් කැඳවාගෙන පැමිණ නිවසේ කාමරයක මවුපියන්ට හොර රහසේ මාසයකට ආසන්න කාලයක් සඟවා තබාගෙන සිටියදී එම තරුණිය පසුගියදා රාත්‍රී 11.00ට පමණ සොයාගන්න ලැදැයි අම්පාර උහන පොලිසිය සඳහන් කරනවා.

තරුණිය සමඟ එම සිසුවා පොලිසියට භාර ගත් අතර, ඔහු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අයෙකු බවයි අනාවරණය වන්නෙ.

මේ නිවසේ මවුපිය යුවළ උහන ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යන අතර, උදෑසන නිවසින් පිටව යන ඔවුන් යළි නිවසට පැමිණෙන්නෙ රෑ බෝ වීමෙන් පසුව බවයි පොලිසිය සඳහන් කළේ.

උහන පොලිස් වසමේ පිහිටි නිවසක තරුණියක් සඟවාගෙන සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම නිවස සොයා ගොස් තරුණිය සොයාගෙන ඇය පොලිස් භාරයට ගනු ලැබුවා.

ඇය නිවසේ සඟවාගෙන සිටි බව කියන 16 හැවිරිදි පාසල් සිසුවා ද මේ සමඟ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ හත්වැනිදා සිසුවා මෙම පෙම්වතිය බව කියන තරුණිය නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක කැඳවාගෙන පැමිණ කාමරයක් තුළ සඟවාගෙන සිට ඇති බවයි වාර්තා වන්නෙ.

මව සහ පියා වෙළඳසලට පිටත්ව ගිය පසු සිසුවා පෙම්වතිය කාමරයෙන් පිටතට ගෙන ඇති අතර, මවුපියන් නිවසට පැමිණීමට කලින් කාමරයේ ඇඳ යට සඟවා තිබෙනවා.

රාත්‍රී ආහාර වේල සිසුවා පෙම්වතියට කාමරයට ගෙන ගොස් දී ඇති බව ද සඳහන්.

හදිසි අවශ්‍යතාවයක් සඳහා සිසුවාගේ මව දින කිහිපයකට කලින් දිවා කාලයේ නිවසට එනවිට නිවසේ තරුණියක කතා කරන හඬ ඇසී විපරම් කරන අවස්ථාවේ පුතා නිදාගන්නා කාමරයේ තරුණියක් සැඟව සිටින අයුරු දැක තිබෙනවා.

සිසුවා හා තරුණිය මුල සිටම සිද්ධිය පවසා පියාට නොකියන ලෙසත් ඉල්ලීමක් කර තිබෙනවා.

මව මේ ගැන පියාට ද කියා නැහැ.

පොලිසිය ගොස් තරුණිය සොයාගන්නා තෙක් සිසුවාගේ පියා මේ බවක් දැන සිටි නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

සිසුවා නිසි වයසට පැමිණි පසුව තරුණිය විවාහ කරගන්නා බවට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හමුවේ පවසා ඇතැයි ද වාර්තා වනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka