gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුනරුත්ථාපනය කළ හිටපු කොටියා මිතුරා සමග ගජරාමෙට ක්ලේමෝ බෝම්බ හදලා!

ක්ලේමෝ බෝම්බ සකසමින් සිටි හිටපු කොටි සාමාජිකයකු හා තවත් අයකු කිළිනොච්චිය නාච්චිකුඩා ප්‍රදේශයේදී පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් ක්ලේමෝ බෝම්බ තොගයක් ද සමග 10 දා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා විසින් නිපදවන ලද විශාල ප්‍රමාණයේ අධිබලැති ක්ලේමෝ බෝම්බ 13 ක් හා තවත් ක්ලේමෝ බෝම්බ කවර හා බෝම්බ කොටස් 18 ක් සොයා ගැනීමට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය සමත් වී තිබේ.

මෙම කොටි සාමාජිකයා රජයේ පුනරුත්ථාපන වැඩසටහනට යොමු කොට නිදහස් කිරීමෙන් පසුව මුලතිව් සිවිල් ආරක්ෂක බළකායට ද බැඳී සේවය කොට තිබේ. ඔහු මන්නාරම වේලාන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මිතුරා කිළිනොච්චිය නාච්චිකුඩා ගම්මානයේ පදිංචිකරුවෙකි.

මිතුරාගේ නිවස පිහිටි නාච්චිකුඩා ගම්මානයේ බෝට්ටු කොටස් අලුත්වැඩියා කිරීමේ හා මල්පෝච්චි සකසන ෆයිබර් වැඩපළක් ඔවුන් දෙදෙනා විසින් පවත්වා ගෙන ගොස් ඇති අතර ඒ අතරවාරයේ හිටපු කොටි සාමාජිකයා හා ඔහුගේ මිතුරා ක්ලේමෝ බෝම්බ නිෂ්පාදනය කිරීමේ කටයුතුවල ද නිරත වී ඇත.

පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට ලබුණු තොරතුරක් මත නිලධාරීන් පිරිසක් නාච්චිකුඩා ප්‍රදේශයට ගොස් මෙම වැඩපළ පරීක්ෂාවට ලක් කිරීමේදී ක්ලේමෝ බෝම්බ තැනීමට යොදා ගන්නා පිටකවර කීපයක් නිපදවා ඇති ආකාරය දැක ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කොට තිබේ. ඒ අනුව ඔවුන් විසින් නිපදවා සඟවා තිබූ ක්ලේමෝ බෝම්බ හා බෝම්බ කොටස් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් හිටපු කොටි සාමාජිකයා කොළඹ ත්‍රස්ත මර්දන ඒකකය වෙත රැගෙන ගොස් ඇති අතර අනෙක් තැනැත්තා කිළිනොච්චිය පොලිසියේ ත්‍රස්ත මර්දන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි. හිටපු කොටි සාමාජිකයා මෙවර මහවිරු දිනය නිමිත්තෙන් නාච්චිකුඩා ප්‍රදේශයේ විශාල උත්සවයක් සංවිධානය කළ බවටද තොරතුරු හෙළි වී තිබේ.

පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යයි.

දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka