තරුණ වයසට හිතවත්කම් ඇතිවෙන එක හරිම සාමාන්‍යයි... සමහර වෙලාවට ඒ වගේ ආදර කතා හිතන්නෙ නැති තරම් දුර දුවනවා..
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්..
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 22 හැවිරිදි තරුණයෙක් ඔහුගේ පාසල් අධ්‍යාපනයෙන් පසුව කෑගල්ල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවයට බැදී දැනට වසර තුනක් පමණ වෙනවා...
මෙම තරුණයා මීට මාස පහකට පමණ ඉහතදී ඇගලුම් ආයතනයේ සේවය කරන හිතවතකුගේ රුවන්වැල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවෙසකට රාත්‍රි සහභාගී වී ඇති අතර, අවමංගල්‍ය නිවෙසට ගිය ඇගලුම් ආයතනයේ සේවක සේවිකාවන්ට රාත්‍රී ආහාර පාන සූදානම් කර තිබුණේ අල්ලපු නිවෙසකයි...
තරුණයා ඇතුළු සෙසු සියලු දෙනා අල්ලපු නිවසේ කෑමට ගිය අවස්ථාවේ දී පිඟන්වලට ලන්ෂීට් කොළ එලමින් සිට ඇත්තේ නිවසේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්..
එදා සිට තරුණයාත් පාසල් ශිෂ්‍යාවන් අතර සබඳකම් ඇතිවී ඉන්පසු ඉඩකඩ ලැබුණු සෑම අවස්ථාවකදීම දුක - සැප අසා කෙටි පණිවුඩ යැවුණා...
පාසල් ශිෂ්‍යාව ද තරුණයාට කෙටි පිළිතුරු පණිවුඩයක් එවීමට අමතක නොකළා... පසුව දෙදෙනා වැඩි කාලයක් යාමට පෙර පෙම්වතුන් බවට පත් වෙලා...
ඉතින් කොහොම හරි මේ පෙම්වතිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අතර ඉකුත්දා ප්‍රතිඵල අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර තිබුණා... එහිදී පාසල් ශිෂ්‍යාව විෂයන් නවයටම ඒ සමාර්ථ නවයක් ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වී සිටියා.. ශිෂ්‍යාව ජයග්‍රහණය සම්බන්ධයෙන් තරුණයාට කෙටි පණිවුඩයක් මගින් පෙම්වතාට කියා තිබුණා...
තරුණයා ජයග්‍රහණය වෙනුවෙන් පාසල් පෙම්වතිය සතුටට පත් කිරීමට ත්‍යාගයක් අරන් දීමට තීරණය කළා.. තරුණයා ඉකුත් දා වැඩ ඇරී කෑගල්ල නගරයට පැමිණ වෙළෙදසලකින් අලංකාර කුඩයක් මිලට ගෙන අලංකාර බෑගයකට දමා නිවසට රැගෙන පැමිණ කාමරයේ මේසයේ කොනක තැබුවේ ඉඩ ලද අවස්ථාවක පෙම්වතියට පරිත්‍යාග කිරීමේ අරමුණින්..
ඉකුත් දිනක දී මුළු දවස පුරාම කඩින් කඩ වැහි ඇද හැලෙන්නට වුණා... අල්ලපු නිවසේ පදිංචිව සිටින වයෝවෘද්ධ මව බැලීමට යාමට තරුණයාගේ මව පුතාගේ මේසය මත බෑගයක දමා තිබුණු කුඩය ගෙන ඉහලා ගෙන ගියා... ඇය ආපසු පැමිණ වතුර බහින්න යැයි පවසා කුඩය සාලයේ කොනක තැබුවා..
සවස වැඩ ඇරී නිවසට ආ තරුණයා සාලයේ තිබුණු කුඩය දැක උන්හිටිතැන් ද අමතක විය... හනික කාමරයට දිව ගොස් මේසය මත තබා තිබුණු බෑගය ගෙන බැලුව ද එහි කුඩය නොතිබුණා... පසුව තරුණයා සිය මවගෙන් කාමරයේ මේසය මත තබා තිබුණු කුඩය ගැන විමසීමක් සිදු කෙරුණා..
තමා කුඩය ගෙන මිත්තනිය බැලීමට ගිය බව මව තරුණයා හමුවේ පැවැසුවා...
තරුණයාට කේන්ති ගියේය... ‘‘මේසය මත තිබුණු කුඩය ගත්තේ මොකට ද වෙන කුඩ තිබුණේ නැද්ද ” යනුවෙන් තරුණයා දොස් නගන්නට වූ තරුණයා නතර නොකර කෑ ගැසීම හේතුවෙන් කඩෙන් අලුත් කුඩයක් යළි මිල දී ගන්නැයි පවසා මව රුපියල් 2000 ක මුදල් ඒ මොහොතේම මේසය මත තියලා..
තරුණයා පසුදාම යළි කුඩයක් මිලට ගෙන ත්‍රිරෝද රථයකින් පෙම්වතියගේ නිවෙස ආසන්නයට ගොස් පරිත්‍යාග කර තිබුණේ, මේ දවස්වල ඇදහැලෙන වැස්ස කාටවත් විශ්වාස නැති නිසා වෙන්න ඇති...