SLVlog Pod Talks කියන්නෙ 'සමාජ මාධ්‍ය' තුළ අතිශය ජනප්‍රිය 'වැඩසටහනක්'...
'හාස්‍ය රසය' මුසුව 'යූටියුබ්' මාධ්‍ය ඔස්සෙ ප්‍රචාරය වන මේ වැඩසටහන ජනප්‍රිය 'හාස්‍ය රංගන ශිල්පියෙකු' වන 'හසලක තුෂාර' ඇතුළු පිරිසක් විසින් මෙහෙයවනු ලබනවා.
'දේශපාලන කෝන්තර' ඇතුළු බොහෝමයක් දේ 'හාස්‍යයට' ලක් කරමින් ඔවුන් මෑතක සංවිධානය කර තිබූ 'මෝඩාභිමානය' වැඩසටහන ද අතිශය ජනප්‍රියතාවයට පත් වුණා.
මෙවැනි එක් වැඩසටහනක දී 'නතාශා එදිරිසූරිය' විසින් සිදු කළ 'ප්‍රකාශයක්' පවා (ඈ බුදු දහමට අපහාස කළ බැව් කියමින්) ආන්දෝලනයට ලක්වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට ඈට සිරදඬුවම් විඳින්නටත් සිදුවුණා.
මේ අතර, SLVlog Pod Talks වැඩසටහනේ 'හසලක තුෂාර සංජීව'ට එරෙහිව ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් විසින් සිදු කළ පැමිණිල්ලක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අදාළ 'නාලිකාව' මෙම පැමිණිල්ල ගොනු කොට තිබුණා.
'නතාශා එදිරිසූරිය' සම්බන්ධයෙන් වන පුවත අදාළ රූප මාධ්‍යයේ 'විකාශය' කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් 'විවේචනය' කරමින් හසලක තුෂාර 'වැඩසටහනක්' සිදු කර තිබුණා.
අදාළ ජනප්‍රිය නාලිකාව 'ජඩ, කැත, ජරා, කුජීත, අපත, චාටර් ලැජ්ජා නැති, චොර මාධ්‍ය නාලිකාවක්' යැයි හසලක තුෂාර විසින් සඳහන් කිරීම මෙවැන්නකට හේතු වී ඇති බැව් 'සමාජ මාධ්‍ය' තුළ තොරතුරු හුවමාරු වනවා.

'ඉල්ලං කනවා දැකලා තිබුණට මෙහෙම ඉල්ලං කෑමක් දකිනවමයි'
#ජඩකැතජරාකුජීතඅපතචාටර්ලැජ්ජානැතිසහචොර (හසලක තුෂාර - සමාජ මාධ්‍ය සටහන්)
'Hasalakaගේ කොමඩියක් නිසා කැලඹුණ නාළිකාවක් මේ වෙද්දී හසලකට විරුද්ධව එන්තරවාසියක් එවලා.ඒකේ අවුල තමයි නාළිකාව ප්‍රසිද්ධියේ දෝෂ දර්ශනයට ලක්කිරීම.මම අහන්නේ ජනතාවට අයිති විද්‍යුත් තරංග ඇතුළේ පිස්සු කෙළින ඕනෑම චැනල් එකක් සම්බන්ධයෙන් හොඳ හෝ නරක ප්‍රතිචාරයක් දැරීමේ අයිතිය ජනතාවට තියෙනවා.ඒක බ්‍රෑන්ඩ් එකක්ද අරකද මේකද කියන එකට වඩා ඒ චැනල් එක ජනතාවගේ චැනල් එකක් නම් ඕන ප්‍රතිචාරයක් දරන්න උන්ට හයිය තියෙන්න ඕන.චැනල් එක ජනතාව වෙනුවෙන් නම්.කරන්න තියෙන චාටර් වැඩ ඔක්කොම කරලා,විශාල ජනතා විරෝධයකට ලක්වෙන මොහොතක,ඒක හදාගෙන යනවා ඇරෙන්න ප්‍රේක්ෂකයට නඩු දාන තැනට චැනල් එක පත්වෙනවා කියන්නේ හිනා.මට මතකයි මම fb එකේ ලිව්වා ළමයින් සම්බන්ධයෙන් පෝස්ට් එකක් 2020 දී.ඒකේ ලිව්වේ මේ රියැලිටි වැඩසටහන් නියාමනය ගැන.එතනදී ඔය චැනල් එක විවේචනය කළා කියලා මටත් එදා එන්‍තරවාසියක් එවලා තිබ්බා.නඩුදානවා අරක මේක කියලා.ඒ වෙලාවේ මගේ මිතුරියක් වන නීතීඥ Achala Senevirathna ඒකට පිළිතුරක් ලිව්වා.අන්තිමේ ඒක එහෙමම සද්ද නැතුව ගියා.මට තියෙන ප්‍රශ්නය හෑලි ලියාගෙන ජනතාවගේ නාළිකා ,ජනතාව වෙනුවෙන්,ඇත්ත කියන බව කියාගෙන එන මේ චැනල් වලට තමන්ගේ ප්‍රේක්ෂකයගේ ප්‍රතිචාරයක් දරන්න බෑ.කෙලින්ම නඩු.අපේ උන් බෝඩ් අල්ලන් චැනල් ෆෝ එක ඉස්සරහා විරෝධය දක්වද්දී ,මෙහේ ඒ ගැන විවේචනයක් කළාම නඩු දානවා.ඇත්තටම මේවා බලන අපිට ගහන්න ඕන' (ගයාන් ගාල්ලගේ සමාජ මාධ්‍යයට එක් කළ සටහනක්..)