අම්මාත් නැති ගෙදරක තාත්තා දරුවෙක්ට කොච්චර නම් ආදරය , රැකවරණය ලබා දෙන්න ඕනද..?
ඒත් ඉතින් මේ දුවට නම් ඒ ආදරය , සෙනෙහස ලැබිලාම නෑ කිව්වොත් හරි..
තමන්ගේම ලෙයින් උපන් දරුවාට මේ වගේ අපරාධයක් කරන්න පුළුවන්ද කියලා මේ කතාව ඇහුවම ඔයාටත් හිතෙන්න පුළුවන්....
තම දියණිය සමග ලිංගිකව හැසිරී ඇයව මවක් කළ වවුනියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පියෙකුගේ කතාවක් වවුනියාව් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා..
එම පියාට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලංචෙලියන් මහතා විසින් බරපතල වැඩ සහිත වසර 12 ක සිර දඩුවමක් 4 දා නියම කොට තිබෙනවා...
ඊට අමතරව දියණියට රුපියල් ලක්ෂ හයක මුදලක් වන්දි වශයෙන් ගෙවීමටද දඩ වශයෙන් රුපියල් 30000 ක් ගෙවන ලෙස නියම කෙරුණ අතර,දියණිය වෙනුවෙන් නියම කළ වන්දි මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර එකහමාරකින් දීර්ග වන බවත්, නඩු තීන්දුවේ සදහන් වී තිබෙනවා..
මෙම දැරියගේ මව විදේශ ගතව සිටියදී දැරියට වයස අවුරුදු 14 ක් වූ කාලයේදී සිය දියණිය අඹුව වශයෙන් තබා ගෙන සිට ඇති බවටයි වාර්තා වෙන්නේ...
මුලින්ම ඇයව 2013 ජූනි මස 14 වෙනිදා බලහත්කාරයෙන් දූෂණය කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා..
2015 වසරේදී ඇය පිරිමි දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව සිද්ධිය හෙළි වී පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති අතර,පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත විත්තිකරුට එරෙහිව ඇති නඩුව වවුනියාව මහාධිකරණය වෙත මාරු කිරීමෙන් පසුව පැවති නඩු විභාගයෙන් පසුව විත්තිකරුට එම දඩුවම නියම කරණු ලැබුවා...
ඇයට ලැබුණු දරුවා සම්බන්ධයෙන් සිදු කළ DNA පරීක්ෂණයකින් හා දැරියගේ සාක්කිවලින් විත්තිකරු විසින් සිදු කරණ ලද අපරාධය සැක හැර ඔප්පු වීම නිසා විත්තිකරුට මෙම දඩුවම නියම කර තිබුණා..