මේ කියන්න යන්නේ එතෙක් මෙතෙක් මැණික් කර්මාන්තය තුළ පෙරලියක් ඇති කළ තවත් පළිඟු මැණිකක් ගැන කතාවක්...
කිලෝ විසි දෙකක බරින් යුක්ත විශාල ප්‍රමාණයේ පළිඟු මැණිකක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පතලකින් පසුගියදා හමුවී තිබුණා..
මෙය වාර්තා අතරට එක්වෙන්නේ, විශාල කැරට් අගයකින් මෙන්ම ඉහළ කෞතුක වටිනාකමකින් යුතු මිල කළ නොහැකි පළිඟු මැණිකක් ලෙසයි..
මැණික පරීක්ෂා කළ, මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ මෙම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බවයි...
මෙම පළිඟු මැණික අනෙක් පළිඟු මැණික්වලට වඩා දුර්ලභ වන්නේ එහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම නිසා බවටයි වාර්තා වෙන්නේ...
මෙය දුර්ලභ ගණයේ පාෂාණයක් වන බැවින් එහි කෞතුක වටිනාකම ඉහළ අගයක් ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරනවා..
පළිඟු මැණිකෙහි මූල්‍යමය වටිනාකම තවමත් ගණනය කරමින් සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරනවා..
එම මැණිකෙහි හිමිකරු විසින් පසුගියදා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී තිබිණි...
එහි ආරක්ෂාව තහවුරු කිරීම හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම එහි අපේක්ෂාවයි..