ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (06) පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය පස්වරු 2.00ට දිල්ලිහිදී ආරම්භ වීමට නියමිතය.
කෙසේවෙතත් දිල්ලිහි වායු දුෂණය දැඩි අවදානම් මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳ සිදුකරන නිරීක්ෂණයකින් අනතුරුව තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත.
බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟය සම්බන්ධයෙන් ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්,
"කලින් තරගය ගැන කතා කරද්දි ගොඩක් කනගාටුවට පත්වෙනවා. ඒ වගේම අපිට ඒකත් එක්ක ඉන්න අමාරුයි. මොකද තව මැච් දෙකක් තියෙනවා. ඉතින් අපෙන් වෙච්ච වැරදි මොනවාද කියලා අපි දන්නවා ටීම් එකක් විදියට. මේක අමතක කරන්න අමාරු තරගාවලියක්. ඉදිරියේදී තරග දෙකක් තියෙනවා. අපි අනිවාර්යයෙන්ම ඒ දෙක ජයග්‍රහණය කරන්න ඕනේ. ටීම් එකේ නායකයා විදියට අපි කතා කරගෙන තියෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. කොහෙද වැරදුනේ කියලා. බලනවා ඉස්සරහ තරග දෙක හොඳින් ඉවර කරන්න."