gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“පැරදුමත් සතුටින් භාර ගන්න…පරදින්න හේතුව හොයන්න පුරුදු කරන්න” – ශිෂ්‍යත්ව විභාගයෙන් අඩු ලකුණු ගත් සිසුවෙක්ගේ මවක් කියූ කතාව

ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ ඇත්තටම දරුවන්ගේ විභාගයක්ද කියන සැකය මතු වෙනවා.

මොකද දරුවන්ට වඩා ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ මව්වරු.

අපි එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා.

මොකද මේ පොඩි දරුවන්ට ඒ විභාග ගැන අවබෝධයක් නැහැ.

සමහර දෙමව්පියන් ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන් වෙහෙසට පත් කරන අවස්ථාවන්ද නැතුවාම නෙවෙයි.

ඒ නිසාම තමයි මේකට අම්මලාගේ විභාගය කියලා කියන්නේ.

ඊයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවා කියන කාරණය ඔබට අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.

බොහෝ වෙලාවට ඒ හීනය බිඳුනාම දරුවාට සැර වැර කිරීම දෙමාපියන්ගේ සාමාන්‍ය සිරිතක්.

හැබැයි එවැනි සිදුවීම් ජීවිත කාලයටම බලපාන බව දන්නවද ?

ඉතින් ඔබත් අන්න ඒ වගේ සැරවැර කලා නම් ශිෂ්‍යත්වය අසමත් ඔබේ දරුවාට මෙන්න මේ කතාව කියවන්න.

මේ වගේ අම්මෙකුයි තාත්තෙකුයි වෙන්න.
උතුම් දෙමව්පියෝ.

අපේ චුටි බබා මගේ පණ ශිෂ්‍යත්වේ ෆේල් ….
ජීවිතේ,
දිනුම කියන්නෙ මේ දරුවගෙ ලකුණු නෙවෙයි,
ඒ ලකුනු. 87 ත්,
නිකන්ම නිකන් 27 ක් වුණත්,
මගේ පුතා ගොඩක් පැති වලින් දිනුම්…
හැදියාව අතින් අංග සම්පූර්ණ නම්,
කුස්සියට ගිහින් තනියම,
පාන් පෙත්තක බටර් ටිකක් හරි ගාගෙන කන්න පුලුවන් නම්,
වට පිටාවෙ ඉන්න හැමෝටම, ආදරණීයම චරිතයක් නම්….
ශිෂ්‍යත්වේ ෆේල් උනාම මොකද?

වැඳලා ඉල්ලන්නම්,
ලකුණු අඩු උනා කියල, පොඩි උන්ව මරන් කන්න එපා
මේ ලකුණින් ජිවිතේ මනින්න බෑ…
මේකෙන්ම පුරුදු කරන්න,
දිනුම වගේම,
පැරදුමත් සතුටින් භාර ගන්න…
පරදින්න හේතුව හොයන්න පුරුදු කරන්න,
ඊළඟ අභියෝගයට මේ පැරදුම
පාඩමක් කරවන්න….
සමත් දරුවන්ට පාර්ටි දාන්න…
තෑගි දෙන්න…
ඒ වගේම,
අසමත් මේ කිරි සප්පයන්ටත් පොඩි දෙයක් හරි ගෙනැල්ල දෙන්න
දෙමව්පියන්ගේ ආදරේ…
දිනුමකදි විතරක් නෙවෙයි,
පැරදුමකදිත් අඩු නෑ කියල ඔප්පු කරන්න.
මගේ පුතා වෙනුවෙන් මේක ලිව්වෙ…
ඔයා ජීවිතේ දිනනව සුදු බබා
මට විශ්වාසයි…
මොකද ශිශ්‍යත්වෙ ඔයාට ලකුණු (87) යි. මගේ ලකුනුවත් නොදන්න මම ජිවිතේ දිනලා පෙන්නුවා පුතේ.
අම්මයි අප්පච්චියි ඔයාට පනටත් වඩා ආදරෙයි රත්තරන්……..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka