gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තලංගම ලැගුම්හලකදී මාස 2 කට පෙර මිය ගිය මනෝ උපදේශකවරිය ගැන ඇඟ කිළිපොලා යනහෙළිදරව්වක්!

තලංගම ලැගුම්හලකදී මනෝ උපදේශිකාව ගේ ගෙල  කපා ඝාතනය සිදුකළ  ඝාතකයා  සම්බන්ධයෙන් හෝ ඇයගේ ඥාතීන් සම්බන්ධයෙන්  කිසිදු වැදගත් තොරතුරක් මෙතෙක්  අනාවරණය වී නැතැයි  තලංගම පොලිසිය පවසනවා.

ඒ හේතුවෙන් සුජාතා මුණසිංහ මානාභරණ නැමැති මනෝ උපදේශිකාව ගේ මළ සිරුර මාස 2කට ආසන්න තිස්සේ කොළඹ පොලිස් මෝචරියේ තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ බව කියන මනෝ උපදේශකවරිය ඉකුත් අගෝස්තු මස 26 වැනි දින පිරිමි පුද්ගලයකු සමඟ ලැගුම් හලට පැමිණ තිබූ අතර සැප්තැම්බර් 3 වෙනිදා ඇය සමඟ ලැගුම්හලට පැමිණි පිරිමි පුද්ගලයා ලැගුම්හලින් පිටතට ගොස් රාත්‍රී යලි පැමිණ තිබිණි.

3 වෙනි දින දහවල් කාලයේ සිට කාන්තාව පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ලැගුම්හලේ සේවකයන් විසින් පසුදින (4) කාමරයේ දොර කඩා බැලීමේදී කාන්තාව කාමරයේ ඇඳ උඩු ලේ විලක් මැද මැරී සිටින අයුරු දැක පොලිසියට දැනුම් දී ඇත.

ඝාතනයට ලක්වූ මනෝ උපදේශකවරිය පොලිසිය ට සහ ත්‍රිවිධ හමුදාවට යුද්ධය පැවති සමයේ ඔවුන් හමුවට ගොස් ඔවුන්ගේ චිත්ත ධෛර්යය නැංවීම සඳහා මනෝ උපදේශන කටයුතුවල නියැළුණු තැනැත්තියක් බවට, ඇයගේ ඡායාරූප සමග පළ වූ පුවත්පත් වාර්තාවලින් හඳුනාගත් බවත් එම ප්‍රවෘත්ති වාර්තා ද ඇය ලැගුම් ගෙන සිටි ලැගුම්හලේ කාමරේ යෙදී පොලිසියට හමුවී ඇත.

කාන්තාව රැඳී සිටි බව කියන වීරකැටිය හපුතලේ හා උණවටුන ආදී ප්‍රදේශවල ඇය පිළිබඳ තොරතුරක් දන්නා පුද්ගලයන් සිටිනවාදැයි සොයා බැලුවද කිසිදු තොරතුරක් සොයා ගැනීමට මෙතෙක් නොහැකි වූ බවත් ඇය පරිහරණය කළ ජංගම දුරකථනයේ සිම් කාඩ් පත ද ලබා ගෙන ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගේ හැඳුනුම්පතකට බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මනෝ උපදේශකවරියක ගෙළ කපා ඝාතනය කළ බව කියන ඇගේ සැමියා යැයි කියන පුද්ගලයා පොලීසියට ලියන ලද පිටු පහකින් යුත් ලිපියක් ද ලැගුම්හලේ කාමරයේ තිබී එදිනම පොලිසියට හමු විය.

ඝාතකයා ඇගේ ගෙල කැපීම සඳහා උපයෝගි කරගත් තියුණු ආයුධය බත්තරමුල්ල ප්‍රදේශයේ වෙළඳසැලකින් මිලදී ගත් බවට සඳහන් බිල් පතක් ද පොලිසිය මඟින් මේ වන විට සොයාගෙන ඇති අතර ඝාතකයා කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා ඒ ඔස්සේද පොලිසිය විමර්ශන ආරම්භ කළ ද එය ද මේ වන විට නිශ්ඵල වී ඇතැයි දැනගන්නට ඇත.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka