ජීවිතේ කියන්නෙම සාර්ථකවීම් සහ කඩාවැටීම් අතරමැද යන ගමනක්.
ඇතැම් පරිච්ඡේද දුක් කම්කටොළුවලින් පිරුණාට ඊළඟ පරිච්ඡේදය ලස්සනට ලියන්න ගන්න පුළුවන්, හයියට කෙනෙක් ළඟ ඉන්නවා නම්.
මෑතකදි මේ කතාවට දැක්ක ජනප්‍රියම උදාහරණය තමයි ජැක්සන් පවුල.
ජැක්සන් ඇන්තනී කියන ඒ මහා වෘක්ෂය ඉදිරී වැටුණා. නමුදු ඔහුගේ ආශිර්වාදය කවදත් ඔහුගේ ආදරණීයන් ළඟ රැඳේවී.
ඉතින් ඒ ආශිර්වාදයත් එක්ක කසුන් - මාධවී දෙන්නා අලුත් ආරම්භයක් අරන්.
මේ අලුත් ආරම්භයට මාධවීට ලොකු හයියක් වෙලා තිබුණේ ඇයගේ ආදරණීය ලොකු මල්ලි, අකිල.
ඔහුට විශේෂයෙන්ම ස්තුති කරමින් ලියවුණු මාධවීගේ සොඳුරු සටහනයි මේ...
''ජීවිතේ කියන්නෙ snakes and ladders බෝඩ් ගේම් එකක් නම්, මෑතකදී අපිට සර්පයින් අහු වෙලා කිහිප වරක්ම ඉදිරියට තිබ්බ අඩි කිහිපයක්ම අපට ආපස්සට තියන්න වුනා.
ජීවිතේ ලොකුම හයිය වෙච්ච අප්පච්චි අසනීපෙන් අවුරුද්දකට වැඩි කාලයක් ඉඳලා අපට අහිමි වුනා.
කාලය ගලාගෙන ගියාට ජීවිතේ එක තැන පල් වෙනවා වගේ දැණුනා.
ඒත් ඒ වගේ කාලෙක ඉදිරි පිම්මක් ගන්න හමු වෙච්ච පුංචි ඉණිමඟේ පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන් වුනේ මටත් Kasun Mahendra Heenatigala ටත්, අපේ සහෝදර සහෝදරියන්ගෙන් ලැබුනු හයිය නිසයි.
එතන හැමදාම වගේ මුල්තැන ගත්තේ ලොකු මල්ලි Akhila Dhanuddhara
ජේසු පවුලයි, අප්පච්චියි, යාලුවෝ සෙට් එකත් එක්කන් අපිව ඉස්සර කරන් මේ අලුත් ඇරඹුම ගන්න යෝධ හයියක් වුනේ අපේ “යෝධ පාදයා”.
ජිම් එකේ බර උස්සනවා දැකලා තිබ්බට කවදාවත් මං දැකලා තිබ්බෙ නෑ ලොකු මල්ලි ඇඳුම් නවනවා, කොස්සක් අරන් අතුගානවා, මකුළුදැල් කඩනවා.
ඒ වගේම ඒමි නංගි @amanda___anthony පුංචි කුකීව කුසේ දරාගෙන, ඉදිමුනු දෙපා සහිතව, දූවිල්ලෙන් හෙම්බිරිස්සාව හදාගෙනත් මට හුඟක් උදව් කළා.
අපි විහිලුවටත් කියන්නෙ ගෙවල් හැඩකරන හැටි ගැන උපාධියක් හිමි ඒමි කියලනෙ. මොකද ඇත්තටම ඒමිගේ උපාධිය ගෘහනිර්මාණ ශිල්පයේ interior designing ගැන නිසා.
කොහොමහරි අන්තිමට චුංගි නෝනා ආසාව වැඩිකමට ආපහු යන්න බෑ කියලා අඬන තැනටම වැඩේ ලස්සනට වුනා.
අමාරුම වැඩ ටික ලේසියෙන් වුනා වගේ දැනුණේ ලොකු මල්ලි හින්දයි.
කසුන්ගෙ අක්කාත්, අම්මාත් පිටිපස්සෙන් ඉඳන් ලොකු හයියක් වුනා.
චූටි මල්ලිත් Sajitha Anthony බුවීත් Buvi Halvitige ඈතින් ඉඳන් උදව් කළා.
ස්තූතියි මහන්සි වෙච්ච අපේ යාලුවෝ හැමෝටම.
මේ ජීවිතේ ජයගත්තා කියලා සැනසුම් සුසුමක් හෙළන දාකට, ඔයාලා හැමෝම අපිට ladders වුනා කියලා අපි අමතක කරන්නෙ නෑ!
ඔයාලා හැමෝටම දෙවි පිහිටයි! අප්පච්චිගෙ පිහිටයි!''