gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැකියාවක් දෙන බව පවසා සරසවි සිසුවියක් ගණිකා වෘත්තියේ යොදවලා!

රැකියා දෙන බව පවසමින් මුහුණුපොතේ දැන්වීමක් යොදා සබඳකමක් ඇති කරගත් විශ්වවිද්‍යාල සිසුවියක් ගණිකා වෘත්තියේ යෙදවීමට උත්සාහ කළ පුද්ගලයෙකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් උපක්‍රමශීලී ලෙස කොටුකර ගෙන ඇත.

ඒ විශ්වවිද්‍යාල සිසුවිය විසින් එම කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසුවය.

එම ඒකකය පවසන අන්දමට සිද්ධිය මෙසේය.

සැකකාර පුද්ගලයා තමන් විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයක රැකියාවක් ඇති බව සඳහන් කරමින් මුහුණුපොත හරහා දැන්වීමක් පළ කර ඇත. මෙම දැන්වීමට අනුව බොහෝ තරුණියන් රැකියා අපේක්ෂාවෙන් සම්බන්ධ වී ඇත.

මේ දැන්වීම අනුව විශ්වවිද්‍යාල සිසුවියද මොහුට කතා කර ඇත. දෙදෙනා අතර සබඳතාවක් ඇති කරගත් පසුව ඔහු ඇයව සිය නිවෙසට රැගෙන ගොස් ඇය සමඟ අඹු සැමියන් ලෙස හැසිරී එම අවස්ථාව වීඩියෝගත කර ඇත.

පසුව මොහු ඇයව රැගෙන ගොස් ඇත්තේ කඩුවෙල සිය නිවෙස වෙතය. එහිදී මැය පිළිගෙන ඇත්තේ ඔහුගේ බිරියයි. පසුව දෙදෙනාම එකතුවී විශ්වවිද්‍යාල සිසුවිය ගණිකා ජාවාරමට යෙදවීමට උත්සාහ දරා ඇත. මේ බව දැනගත් සිසුවිය ඔවුන්ගෙන් මිදී පලාවිත් තිබේ.

පසුව මේ බව දැනගත් අදාළ තරුණයා විශ්වවිද්‍යාල සිසුවිය අමතා ඇයට තර්ජනය කරමින් නැවත නොපැමිණියහොත් ඇගේ නිරුවත් ඡායාරූප හ අඹුසැමියන් ලෙස හැසිරුණු රූපරාමු ෆෙස්බුක් එකට යොදන බව පවසා තිබේ.

එහෙත් මැය නැවැත ඔහු හමුවට නොගිය නිසා ඔහු එම නිරුවත් ඡායාරූප සිය ෆෙස්බුක් ගිණුමට යොමුකර ඇත. මේ බව දැනගත් ඇය වහා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ මේ බවට පැමිණිලි කර තිබේ.

පසුව එම කාර්යාංශයේ අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත මේ පිළිබඳ විමර්ශන පැවැරුණේ එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා වෙතය. පසුව විශ්වවිද්‍යාල සිසුවිය දැනුවත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය ලවා සැකකරු අමතමින් නැවත මිතුරුපෙමක් සකසා උපක්‍රමශීලීව ඔහු කිරිබත්ගොඩ නගරයට ගෙන්වා අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට කර ඇති මූලික විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මොහු සතුව facebook ගිණුම් පහක් ඇති බවය. මොහු එම සේබුක් හරහා තරුණි යන් විශාල පිරිසක් සමඟ රැකියා දෙන මුවාවෙන් මිත්‍රවී ඔවුන් සමඟ අඹුසැමියන්සේ හැසිරී ඇති බවටද හෙළිවී තිබේ. ඔහුගේ බිරිය කියන කාන්තාවගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හා ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා රණසිංහ යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka