gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හමාස් විසින් පැහැරගත් ප්‍රාණ ඇපකරුවෙකුගේ සිරුර සොයා ගැනේ!

ඔක්තෝම්බර් 7 වන දින හමාස් විසින් පැහැර ගන්නා ලද 65 හැවිරිදි ප්‍රාණ ඇපකරුවෙකු වූ Yehudit Weissගේ සිරුර සොයා ගත් බව ගාසා තීරයේ  ඊශ්‍රායල හමුදා භට පිරිස් පවසනවා

මේ අතර ඉන්ධන හිඟයක් හේතුවෙන් ගාසා තීරයේ ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා අඩාල වී ඇති බවයි පලස්තීන දුරකථන සමාගම් පවසන්නේ

දුරකථන සමාගම් වන Jawwal සහ Paltel පවසන්නේ ඔවුන්ගේ ජනන යන්ත්‍ර නඩත්තු කරන සියලුම බලශක්ති ප්‍රභවයන් අවසන් වී ඇති බවයි.

යුද ගැටුම් ආරම්භයේ සිටම ඊශ්‍රායලය ගාසා තීරයට එක් ඉන්ධන බෙදා හැරීමක් හැර අනෙක් සියල්ල අවහිර කර තිබූ බවද සඳහන්

ඊශ‍්‍රායලය ගාසා තීරයට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 එල්ල කළ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් මිය ගොස් 200කට වැඩි පිරිසක් ප‍්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි .

එතැන් සිට ගාසා තීරයේ පුද්ගලයින් 11,500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka