gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මචං අපි දෙන්නා යාළුවෝ තමයි ඒත් මීට පස්සේ කවදාවත් අපේ ගෙදරට එන්න එපා” – විවාහ මංගල්‍යය දවසේ මිතුරාගේ දෙපා වැඳ නැවත නිවසට නොපැමිනෙන්නැයි ඉල්ලූ මනමාලයෙක්!

විවාහ මංගල්‍යදා තම හොඳම මිතුරාගේ දෙපා වැද මින් මතු කිසිම දිනක තම නිවසට පැමිණෙමින් වළකින ලෙස ඉල්ලා සිටි අපූරු මනාලයකු පිළිබඳ පුවතක් දඹුල්ල නාගරික බල ප්‍රදේශයට නොදුරු ගමකින් වාර්තා විය.

කාලයක සිට අඹ යහළුවන් ලෙස මිතුරුන් දෙදෙනෙකු එකම ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත. වයසින් බාල වූ එක් අඹ යහලුවෙකු විවාහ වී සිටී අයෙකි, වයසින් වැඩිමහළු වූ අවිවාහක ලෙස ජීවත් වූ අනෙක් අඹ යහළුවා විවාහ නොවී සිටීමට තීරණය කර සිටි අයෙකි. දෙමව්පියන්ගේ දැඩි පෙරැත්ත මත දෙමව්පියන් සොයා දුන් යුවතියක සමග ඔහු විවාහ විය.

මෙම මංගල අවස්ථාවට දෙපාර්ශ්වයේම ඥාතීන් මිතුරු මිතුරියන් පැමිණ සිටින අවස්ථාවක වයසින් වැඩිමහල් වූ අඹ යහළුවාගේ විවාහ මංගල්‍යයට වයසින් බාල වූ අඹ යාළුවා ඔහුගේ බිරිද සමග පැමිණ තිබේ.

එකවරම සිය මනාලිය අතින් අත ඇර අඹ යහළුවා දුටු මනාලයා දිවයන්නට විය. සාදයේ සිටි සියලුදෙනාම හිතාගෙන සිටියේ අඹ යහළුවා නිසා මිතුරු දම නිසා ඔහුව සිප ගැනීම්ට හෝ වැළඳ ගැනීමට මෙසේ දිවයන බවය. මිතුරාගේ බිරිද ද සිනාහා මුසු මුහුණින් මනාලයා පිළිගැනීමට සුදානම් වෙද්දීම වයසින් බාල අඹය යහළුවා ළඟ දනණගසා මනාලයා වඳින්නට විය.

“මචං අපි දෙන්නා යාළුවෝ තමයි ඒත් අද අපේ ගෙදරට ආවට කමක් නෑ. මීට පස්සේ කවදාවත් අපේ ගෙදරට එන්න එපා. අපේ යාළුකම අතරමගදී තියාගමු. මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා මොකද අපි දෙන්නා දන්නවා ඉස්සර හැසිරුනේ කොහොමද කළ කී දේ මොනවද කියලා. ඒ විස්තර සියල්ල අදින් ඉවරයි උඹෙන් මම ඉල්ලන තෑග්ග තමයි අපේ ගෙදර මින් පස්සේ එන්න එපා.” මනාලයාගේ මුවින් පිටවුණේ එවැනි වදන් පෙළකි .

මිතුරාගේ බිරිදගේ මුහුණ දෙස මංගල සාදයේ බොහෝ දෙනාගේ දෙනෙත් ගැටෙන්නට විය.

දැඩි ලෙස සිත් වේදනාවට පත් වයසින් බාල අඹ යාළුවා කිසිත් කර කියා ගැනීමට නොහැකිව අවට අයගේ හොර රහසේ මුහුණ බලා බිම් බලාගෙන එම ස්ථානයෙන් පිටව යද්දී මනාලිය ද දෑස් වල කඳුළු පුරවාගෙන මනාලයාගේ දෑත තදින් අල්ලා ගෙන නිවස තුලට ගොස් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka