gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ජැක්සන් කියන්නේ නිකන් මිනිහෙක් නෙමේ නේ… මුන්ට තිබුණ ජාතික ප්‍රශ්නය ජැක්සන් ඇඳ” – උන්ට දෙන්න ඕන දඩුවම විමල් කියයි (VIDEO)

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන් ගැන ගොඩක් දෙනෙකුට තිබුණු ගැටළුව වුණේ ජැක්සන්ගේ ඇඳ.

මේ වෙනකොට ගොඩක් අයගේ තිබුණු ගැටලුවට සජිත ජැක්සන්ගේ අවමංගල්‍ය අවස්ථාවේදී ස්තූතියි කතාව කරමින් පිළිතුරු ලබා දුන්නා.

අපේ මිනිස්සු එතනිනුත් නොනැවති දැන් දිගින් දිගටම සජිතට ගහන්න පටන් අරන්.

ජැක්සන්ගේ ඇඳ ගැන අහපු අයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙහෙම කතාවක් කියලා තියෙනවා.

“අපේ රටේ තිබෙන මිත්‍යාව කුමක්ද, කියා හිතෙනවා, ඉන්දියාවේ තිබෙන මිත්‍යාව සමග ගත්තාම. තවමත් ඉන්දියාවේ නිඝන්ඨයන් සිටිනවා. ඔවුන් නිරුවතින් ගමන් කරන විට වන්දනාමාන කරන පිරිස් ද ඉන්දියාවේ සිටිනවා. නමුත් ඕක සමාජ මාධ්‍යවල දමලා තමන්ගේම ජන කොටසකට අවමන් කරන පිරිස් ඉන්දියාවේ නැහැ. මෙතැන ක්‍රිකට් මැච් එකක් පරදින තුරු බලන් ඉන්නවා ක්‍රිකට් කණ්ඩායමට පලු යන්න බනින්න. කට්ටියක් ඉන්නවා, ශ්‍රී ලංකා කණ්ඩායම මැච් එකක් දින්නාම ඔවුන්ගේ මුහුණු කළු වෙනවා. ජැක්සන් ලෙඩ ඇඳේ ඉන්නකම් අර ඇඳේ ප්‍රශ්නෙ තිබුණා.

එක කොටසකට ජැක්සන්ගේ ඇඳේ ප්‍රශ්නය තමයි ජාතික ප්‍රශ්නය වුණේ. දැන් ඇඳ හිස් වුණා. මම කියන්නේ, ‘දඬුවමක් විදිහට ඒ ඇඳේ ප්‍රශ්නෙ තිබුණු අයව හොඳට හිටියත් ඒ ඇඳේ තියන්න ඕනේ’ කියලයි. ඒක කුහක සංස්කෘතියක්. ජැක්සන් කියන්නේ  කලාකරුවෙකු පමණක් නොවෙයි, ඔහු ‘ඕල් රවුන්ඩර්’ කෙනෙක්. එහෙම කෙනෙක් හදිසි අනතුරකට පත් වුණාම දවස් 300ක් 400ක් තියාගෙන බේරාගන්න හැදුවා කියන එක වරදක් වෙන්නේ කොහොමද? මේ සමහරු කතා කළේ ඒ ඇඳ අහිමි වූ අය ගැන තියෙන ඇත්ත අනුකම්පාවෙන් ද? නැහැ. ‘ජැක්සන් බේරාගන්න ඕනේ නැහැ’ කියන යටි හිතේ තිබෙන අදහසින්. අපි අද එවැනි ඉරණම් කතාවකට ඇදවට්ටවලා තිබෙනවා.  තවදුරටත් මේ විදිහට ඉදිරියට ගියොත් මේ රටේ කිසිදු විද්වතෙක්, උගතෙක්, පර්යේෂකයෙක් බුද්ධිමතෙක් ‘බෙහෙතකටවත් සොයාගන්න බැරි’ ඉරණමකට ඇදවැටෙන්න පුළුවන්.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka