gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණේ පාතාල ගැටුමෙන් මවට,පියාට සහ සිව්මස් බිලිදාට බරපතල තුවාල!

දකුණු පළාත භීතියට පත් කරගෙන සිටින කොස්ගොඩ සුජීගේ සහ රත්ගම විදුරගේ පාතාල කල්ලි දෙක අතර පවතින ගැටුමේ තවත් ප්‍රතිඵලයක් ලෙස ගාල්ල අහුංගල්ල ප්‍රදේශයේදී පෙරේදා (21 දා) රාත්‍රී එල්ල වූ ප්‍රහාරයකින් එකම පවුලේ මව පියා සහ මාස 04 ක බිලිඳු දරුවකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙහිදී ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා ඇත්තේ රත්ගම විදුර සහ මධුෂාන් තාබෲ මෙහෙයවන කල්ලියේ සාමාජිකයකු වන “බබා” නැමැත්තාගේ නැගණිය ඇගේ සැමියා සහ දරුවා බව පොලිසිය පවසයි.

ප්‍රහාරයට ලක්වූ 32 හැවිරිදි පුද්ගලයා සන්නිවේදන මධ්‍යස්ථානයක් (කොමියුනිකේෂන් එකක්) පවත්වාගෙන යන පුද්ගලයෙකි. කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නැති මොහු සිය 27 හැවිරිදි බිරිඳ සහ අලුත උපන් දරුවා ද සමඟ යතුරුපැදියක නැඟී සිය නිවෙස වෙත යමින් සිටියදී පෙරේදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්විය.

අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශය පසුකර යතුරුපැදිය ධාවනය වෙද්දී කුරුඳු ඉඩමක සැඟවී සිටි පාතාල සාමාජිකයන් පිරිසක් ටී 56 අවියකින් මොවුන් තිදෙනාට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබුව ද 32 හැවිරිදි තරුණයා යතුරුපැදිය නොනවත්වා ධාවනය කිරීම නිසා ඔවුන් තිදෙනාගේ ජීවිත බේරාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ මාස 4 ක දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. මව අහුන්ගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කොස්ගොඩ සුජී සහ රත්ගම විදුරගේ පාතාල කල්ලිය අතර කාලයක සිට දරුණු ගටුම් ඇතිවී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම පුද්ගලයන් රැසක් මරුමුවට පත්ව ඇත.

පෙරේදා අහුංගල්ලේදී ප්‍රහාරයට ලක්වූ තරුණ කාන්තාවගේ වැඩිමහල් සොහොයුරා ‘බබා’ නමින් හඳුන්වන අයෙකි.

ඔහු මේ වනවිට මධුෂාන් තාබෲ නැමැති පාතාල සාමාජිකයා සමඟ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව පොලිසිය පවසයි.

මධුෂාන් තාබෲ සහ රත්ගම විදුර එකම කල්ලියේ පාතාල සගයන් වන අතර කොස්ගොඩ සුජී ඔවුන්ට විරුද්ධ පාතාල කල්ලියට නායකත්වය දෙමින් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත අහුංගල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka